දිස්ත්‍රික්ක 05කට නාය යෑමේ අනතුර ඇඟවීම් නිවේදන

December 30, 2023

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05කට නාය යෑමේ අනතුර ඇඟවීම් නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බදුල්ල, මහනුවර, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා විමසිලිමත් විය යුතු මට්ටමේ සහ අවධානය යොමු කළ යුතු මට්ටමේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.

t

o

p