Yamaha සහ AMW අලෙවි නියෝජිත හමුවක්

Yamaha මෝටර්සයිකල්, සේවා සහ අමතර කොටස් සඳහා බලයලත් බෙදාහැරීමේ නියෝජිතායතනය වන ඇසෝසියේට් මෝටර්වේස් (පුද්ගලික) සමාගම (AMW), ඔවුන්ගේ අලෙවි නියෝජිත හමුවක් පසුගිය දා කොළඹ දී පවත්වනු ලැබීය. AMW සමාගමේ නව සමූහ කළමනාකරු අන්ද්‍රෙ බොන්තියුස් මහතා සහ Yamaha අලෙවි කටයුතු සිදුකරන රටවල් 140කට වැඩි ප්‍රමාණයක පරිපාලනය හොබවන ජපානයේ Yamaha Motor Corporation විධායක සාමාන්‍යාධිකාරි – කුමිකෝ ඉමායි මහත්මිය Read More

ලෝකයේ විශාලතම මැතිවරණය අද (14)යි

ලෝකයේ විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දුනීසියානු මැතිවරණය අද (14) දින පැවැත්වෙන අතර දූපත් 17,000ක් පුරා සිටින මිලියන 200කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද පැවැත්වෙන මැතිවරණය මගින් ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් තෝරා ගැනීමට නියමිත අතර මෙවර ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් සියයට 50%කට අධික ප්‍රතිශතයක් වයස Read More

ජපාන ආයෝජකයන්ට බිංගිරිය ආයෝජන කලාපය සූදානම්

ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති ජපන් ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් බිංගිරිය ආයෝජන කලාපයේ දෙවන සහ තුන්වන අදියර කඩිනමින් පහසු කර ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් පසුගියදා මෙම නියෝගය නිකුත් කරන ඇති බවයි වාර්තා වෙයි. ඒ, ජනාධිපතිතුමා ජපානයේ සංචාරයක නිරත වූ Read More

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මීට අමතරව 2023 උසස් පෙළ විභාගයට ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, නර්තනය, සංගීතය, නාට්‍ය, රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යා විෂයන් වෙනුවෙන්. ඒ අනුව නර්තනය සහ සංගීතය යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික Read More

මැතිවරණ වලට බිලියන 10ක් වෙන් කර අවසන්

මැතිවරණ පැවැත්වීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර අවසන් බවත්, ඒ අනුව මැතිවරණ කල් දැමීමක් හෝ වංගු ගැසීමක් සිදු නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 වසරේ පැවැත්වෙන මැතිවරණය සඳහා ද නියමිත පරිදි මුදල් වෙන් කිරීමට ඉදිරි Read More

ප්‍රදේශ කිහිපයකට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ Read More

සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක්

සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර Read More

මුස්ලිම් විවාහ නීතිය නැවත කෙටුම්පත් කරන ලෙස ඉල්ලීමක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු අමාත්‍ය ෆේරියල් අශ්රොෆ් ඇතුළු නීතිඥවරියන්ගෙන් සමන්විත මුස්ලිම් කාන්තා නියෝජිත පිරිසක් අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විිය. ශ්‍රී ලංකාවේ 1908 විවාහ නීති පිළිබඳ ආඥා පනතේ කරුණු මුස්ලිම් කාන්තාවන්ට බල නොපාන බැවින් මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් සිදුව ඇතැයි මෙම නියෝජිත පිරිස පෙන්වා දුන්නා. මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි මුස්ලිම් විවාහ නීතිය නැවත කෙටුම්පත් Read More

ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුටම නිවේදනයක්

ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි. ඔබ දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක් ලියාපදිංචි වී ඇත්දැයි පරික්ෂා කර ගැනීමට එම දුරකථන සමාගම සම්බන්ධ කරගෙන කරගත හැකි බව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය පෙන්වා දුනි. Read More

ඔන්ලයින් පනතට සංශෝධන 47ක් කැබිනට් මණ්ඩලයට

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතය.ඒ අනුව ඊට අදාළ සංශෝධන 47ක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වාර්තා වේ.විවිධ පාර්ශව මඟින් එල්ලවන විරෝධතා හමුවේ මෙම වගන්ති සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් Read More

t

o

p