ඔන්ලයින් පනතට සංශෝධන 47ක් කැබිනට් මණ්ඩලයට

February 13, 2024

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතය.
ඒ අනුව ඊට අදාළ සංශෝධන 47ක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වාර්තා වේ.
විවිධ පාර්ශව මඟින් එල්ලවන විරෝධතා හමුවේ මෙම වගන්ති සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව පළමු වර කියවීම එළඹෙන පාර්ලිමේන්තු දිනයන්වලදී ඉදිරිපත් කිරීමට නියමිතය.

t

o

p