මැතිවරණ පැවැත්වීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර අවසන් බවත්, ඒ අනුව මැතිවරණ කල් දැමීමක් හෝ වංගු ගැසීමක් සිදු නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 වසරේ පැවැත්වෙන මැතිවරණය සඳහා ද නියමිත පරිදි මුදල් වෙන් කිරීමට ඉදිරි අයවැයෙවන් කටයුතු කරන බවයි.
රටේ ජනතාවද පැහැදිලි තීන්දුවක් ගැනීමට සූදානම්ව තිබෙන මේ මොහොතේ මැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද ඔහු සඳහන් කරයි.