22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය මත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත. ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වසර 06ක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 05ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීම වෙනුවෙන් මෙම සංශෝධනය ගෙනවිත් තිබේ.

රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන් සඳහා ජපාන රජයෙන් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව

මෙරට රාජ්‍ය අංශයේ විධායක මට්ටමේ නිලධාරීන් සඳහා ජපාන රජයෙන් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ලබාදීමට පියවර ගෙන තිබේ. 2010 වසරේ සහ 2017 වසරේ සිට පිළිවෙලින් ශාස්ත්‍රපති උපාධිය හා ආචාර්ය උපාධිය ජපානයේ දී හැදෑරීමට මෙරට විධායක මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව ලබාදෙනලදි. එහි තවත් අදියරක් ලෙස මෙසේ නව ශිෂ්‍යත්ව ලබාදීම සිදුවෙයි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ පශ්චාත් උපාධි පාඨමාලාවන් Read More

ලොව පුරා ප්‍රධාන පෙළේ ආයතන රැසක මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති වල බිඳවැටීමක්

ලොව පුරා ප්‍රධාන පෙළේ ආයතන රැසක මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති වල බිඳවැටීමක් සිදුව තිබේ. ඒ හේතුවෙන් ප්‍රධාන පෙළේ රටවල් රැසකම කොටස් වෙළඳපළ, ගුවන් ගමන්, බැංකු කටයුතුවලට දැඩි බාධා එල්ල වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම යථා තත්වයට පත් කිරීමේදී යම් අපහසුතාවක් පවතින බව මයික්‍රොසොෆ්ට් සමාගම පෙන්වාදී තිබේ. එසේම මෙලෙස තාක්ෂණික ඇණහිටීම් සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණ Read More

තද සුළං තත්ත්වය තවදුරටත්

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන Read More

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද සිට

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (19) සිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන තරගාවලියට කණ්ඩායම් 8ක් එක් වෙයි. ඒ අනුව A කාණ්ඩයේ පළමු තරගය අද පස්වරු 2ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාල කාන්තා කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. එමෙන්ම A කාණ්ඩයේ දෙවන තරගය ඉන්දියාව සහ පාකිස්ථාන කණ්ඩායම් අතර අද Read More

වතුකරයේ ජනතාවට නීත්‍යානුකූල නව ජනාවාස ගම්මාන

දැනට රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ නීත්‍යානුකූලව නව ජනාවාස ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය. එහි ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති Read More

MSMEs නැවත සවිබලගැන්වීමේ අරමුණින් මූල්‍ය පහසුකම් පැකේජයක්

අසීරුතාවන්ට මුහුණපා සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) නැවත සවිබලගැන්වීමේ අරමුණින් ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එමඟින් ආර්ථික අර්බුද සමයේ ඊට මුහුණ දුන් සහ මේ වන විටත් පවත්වාගෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සහාය ලබාදීම මෙන්ම අක‍්‍රිය ණය කාණ්ඩය යටතේ Read More

“ වසර 40 කට පෙර ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වීමේ ප්‍රතිඵල අද භුක්ති විදිනවා “ – ඇමති ප්‍රසන්න

මීට වසර 40 ට පෙර ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එකග නොවීමේ ප්‍රතිඵල අද අප භුක්ති විදින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන” යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිණි. මෙම උත්සවය අද Read More

දකුණු පළාතේ ගුරු සේවයට බඳවා ගත් උපාධිධාරීන් 224කට පත්වීම්

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් එම පළාත් ගුරු සේවය සඳහා බඳවා ගත් උපාධිධාරීන් 224 දෙනෙක්ට පත්වීම් ප්‍රදානය කර තිබේ. එලෙස උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ 04 වන අදියර යටතේ මෙම පත්වීම් ලබා දී ඇති බවයි වාර්තා වෙයි.

මහා වංශය පුස්තකය ලෝක උරුමයක් වූ වගයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු එම පුස්තයට අදාළ සහතික පත්‍රය ප්‍රධානය කිරීම යුනේස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී.එච්.පීරිස් වෙත බාරදුන් අතර ඊට අදාළ සමරු Read More

t

o

p