රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන් සඳහා ජපාන රජයෙන් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව

July 19, 2024

මෙරට රාජ්‍ය අංශයේ විධායක මට්ටමේ නිලධාරීන් සඳහා ජපාන රජයෙන් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ලබාදීමට පියවර ගෙන තිබේ.

2010 වසරේ සහ 2017 වසරේ සිට පිළිවෙලින් ශාස්ත්‍රපති උපාධිය හා ආචාර්ය උපාධිය ජපානයේ දී හැදෑරීමට මෙරට විධායක මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව ලබාදෙනලදි.

එහි තවත් අදියරක් ලෙස මෙසේ නව ශිෂ්‍යත්ව ලබාදීම සිදුවෙයි.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමට අවස්ථා 225ක් ලබා දී තිබේ.

එමෙන්ම ආචාර්ය උපාධි පාඨමාලාවන් හැදෑරීමට ජපානය අවස්ථා 17ක් ලබාදෙනලදි.

ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය රුපියල් මිලියන 578ක ප්‍රධානයක් ලබා ගැනීමට අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම පසුගිය දා සිදුකෙරුණි.

ජපාන විදේශ අමාත්‍ය කමිකාවා යෝකො හා අමාත්‍ය අලී සබ්රි මහතාගේ සහභාගීවයෙනුයි ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු කර ඇත.

t

o

p