දුම් වැටිය කුරුඳු වුණත් වැඩේ නම් අන්තිමයි

දේශීය කර්මන්ත ප්‍රවර්ධන කටයුත්තක් විදිහට කුරුදු දුම් පානයක් හදුන්වා දිමක් පසුගිය දා අපි දැක්කා.මේක සිගරට් භාවිතයට විකල්පයක් විදිහට සද්භාවයෙන් කළ දෙයක් වෙන්න ඇති.ඵ්ත්, විද්‍යනුකුලව නම් මෙතන වෙන්නෙ වෙනම දෙයක්.ඒ ගැන යමක් කීම අපේ සමාජමය යුතුකමක් හින්දයි මේ ටික කියන්නේ. දුම් වැටියේ අන්තර් ගතය මොනවා වුණත් මෙතනදී දුම්බීම කියන දේ ප්‍රවර්ධනය වීම වළක්වන්න බැහැ.ඒ එක්කම මේ Read More

බ්‍රසීලයේ ඇතැම් කොවිඩ් රෝගීන් ශ්වසන යන්ත්‍රවලින් ඉවත් කරයි

කෘතිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලබන බ්‍රසීලයේ ඇතැම් කොවිඩ් රෝගීන් ඉන් ඉවත් කිරීමට සිදුව ඇති බව වාර්තා වේ. රෝහල් කිහිපයක 100% ඉක්මවා රෝගීන් ඉහළ ගොස් තිබීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇති බව සඳහන්ය. වසංගතයේ දරුණු බලපෑමත් සමග බ්‍රසිලයේ රෝහල්වල සැපයුම් අඩු මට්ටමක පවතින බැවින් එක් වෙරළබඩ නගරයක් පවසන්නේ ඇතැම් කොවිඩ් රෝගීන් එලෙස කෘතිම ශ්වශන Read More

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (24) දිනයේ පෙරවරු 8.00 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබේ. ඒ අනුව වාද්දුව/ වස්කඩුව/ පොතුපිටිය/ මොල්ලිගොඩ/ මොරොන්තුඩුව/ කළුතර උතුර/ කළුතර දකුණ යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේ අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කිරිමේ Read More

ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව සම්මත වෙයි

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය. එහිදී මෙරටට එරෙහිව අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් හිමි වූ අතර යෝජනාවට එරෙහිව ඡන්ද 11ක් භාවිතා විය. ඉන්දියාව සහ ජපානය ඇතුළු රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබේ.

ක්‍රිකට් තරඟ නැරඹීමට අප්‍රේල් සිට අවස්ථාව

බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියේ සිට  ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි. ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ වල 40%ක ප්‍රේක්ෂක පිරිසකට තරඟ නැරඹීමට අවස්ථාව ලබා දෙන බවය.

ගෙවුණු ටයර් සහිත වාහන රියදුරන් සඳහා දඩ ගැසීමට ගෙන ඇති තීරණය කෘෂි කර්මාන්තය වෙනුවෙන් යොදා නොගන්නා ලෙසට ඉල්ලීමක්

ගෙවුණු ටයර් සහිත වාහන රියදුරන් සඳහා දඩ ගැසීමට ගෙන ඇති තීරණය කෘෂි කර්මාන්තයේ නිරත වන්නන් වෙනුවෙන් යොදා නොගන්නා ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද(23) ඉල්ලීමක් කළේය. කෘෂි කර්මාන්තය සඳහා භාවිත කරන වාහනවලට අදාළ ටයර් වෙළඳ පොළ තුළ මේ වන විට හිඟව පවතින බැවින් මේ සම්බන්ධව කඩිනමින් Read More

2015 වසරේ සිට 2019 දක්වා ආනයනය කල සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්රෑම් මිලියන 13.8 ක් – රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල්

2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට ආනයනය කරන ලද සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්රෑම් මිලියන 13.8 ක් බව පාර්ලිමේන්තුවේදී අද අනාවරණය විය. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 17.2 ක් බව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කීවේය. Read More

2010 සිට දුම්රිය මැදිරි 2572 ක් ධාවනයෙන් ඉවත් කරලා – ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ

දුම්රිය දෙපාර්තමේන්තුව 2010 වසරේ සිට මේ දක්වා ධාවනයෙන් ඉවත් කරන ලද දුම්රිය මැදිරි සංඛ්‍යාව 2572 ක් බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. ඉන් මැදිරි 2368 ක් අලුත්වැඩියා කර ධාවනයට එක්කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේය. එම දුම්රිය මැදිරි අලුත්වැඩියා Read More

සම්බන්ධීකරණ කාරක සභාවේ සාමාජිකයෝ පත් කෙරෙති.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125 හි විධිවිධාන ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුව සඳහා සම්බන්ධීකරණ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) නිවේදනය කළේය. කථානායකවරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක මෙම කාරක සභාවට නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ ආචාර ධර්ම හා වරප‍්‍රසාද පිළිබඳ Read More

රක්ෂිතය අනවසරයෙන් එළිකළ බද්දේගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී අල්ලයි

බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 33 හැවිරිදි පුද්ගලයෙකු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. සැකකරු ඊයේ (23) බද්දේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව Read More

t

o

p