සම්බන්ධීකරණ කාරක සභාවේ සාමාජිකයෝ පත් කෙරෙති.

March 23, 2021

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125 හි විධිවිධාන ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුව සඳහා සම්බන්ධීකරණ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) නිවේදනය කළේය.

කථානායකවරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක මෙම කාරක සභාවට නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ ආචාර ධර්ම හා වරප‍්‍රසාද පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව යන කාරක සභාවල සභාපතිවරයන් ද ඇතුළත්‍ ය.

සම්බන්ධීකරණ කාරක සභාව විසින් කාරක සභාවල පහසුකම් සහ කාර්ය මණ්ඩලවලට අදාළ යම් කාරණා ,කාරක සභාවල රැස්වීම් සඳහා කාරක සභා කාමරවල උපයෝජ්‍යතාවය, කාරක සභා සඳහා විශේෂඥයන්ගේ සහ පර්යේෂකයන්ගේ උපයෝජ්‍යතාව, කාරක සභාවල සාමාජික මන්ත්‍රීවරයන්ගේ රැස්වීම් සඳහා පැමිණීම සහ කාරක සභා වාර්තා විවාද කරනු ලැබීමේදී ඒ සඳහා කාලය වෙන් කිරීම පිළිබඳ සලකා බැලීම සිදු කරනු ලබයි.

සම්බන්ධීකරණ කාරක සභාව අවම වශයෙන් මාස දෙකකට වරක් රැස්විය යුතු අතර, කාරක සභාවේ රැස්වීම් කැඳවීම සඳහා එහි කථානායකරයා කටයුතු කරයි.

t

o

p