2015 වසරේ සිට 2019 දක්වා ආනයනය කල සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්රෑම් මිලියන 13.8 ක් – රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල්

March 23, 2021

2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට ආනයනය කරන ලද සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්රෑම් මිලියන 13.8 ක් බව පාර්ලිමේන්තුවේදී අද අනාවරණය විය.

ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 17.2 ක් බව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කීවේය.

එලෙස ආනයනය කර ඇත්තේ බාල වර්ගයේ සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය බවත් ඒ සම්බන්ධව සොයා බලන ලෙසත්  පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ඉල්ලිමක් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙම ගැටලුව විසදීම වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා එහි දී කීවේය.

t

o

p