මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකේදී අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය Read More

සමෘද්ධි නිලධාරීන් ගැන තීරණයක්

සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කළ සේවකයින් හට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තර් ග්‍රහණය වීම සඳහා අවස්ථාව සලසා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 2013 අංක 01 දරන දිවිනැගුම පනත හරහා දිවිනැගුම දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී එවකට සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන ලද සේවකයින් හට එම පනතේ ප්‍රතිපාදන යටතේ තම මනාපය පරිදි විශ්‍රාම වැටුපක් සහිතව එවකට Read More

ජනපතිවරණ නිරීක්ෂණයට යුරෝපා සංගමය එයි

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පරිපාලන විධිවිධාන කැබිනට් මණ්ඩලයේ සැලකීමට යොමු කර තිබේ. 2024 ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් මෙරටට එවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති විසින් යුරෝපා සංගමයට ආරාධනා කර තිබුණි. එකී සංගමයේ රෙගුලාසි යටතේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පෙර ශ්‍රී Read More

පාස්පෝට් සඳහා අයදුම්කරන අයට විශේෂ දැනුම්දීමක්

හිස් විදෙස් ගමන් බලපත්‍රවල හිඟයක් ඇති බැවින් අත්‍යවශ්‍ය හේතුවක් ඇත්නම් පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අලුතින් නිකුත්කළ හැකි විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් එම ඉල්ලීම කරන බවයි. නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය නුදුරේදීම හඳුන්වා දීමට පියවර ගන්නා බවත් ඊට අදාළ ටෙන්ඩර් කැඳවා Read More

ඉන්දියාවෙන් කොළඹට ආ අමුත්තා

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ නම් යුද නැව ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ. ලොව වේගවත්ම යුද නැව් ගණයට අයත් මෙය දිගින් මීටර් 163ක් වන අතර කාර්යය මණ්ඩලය 410 කින් සමන්විතයි. නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ‍කපිතාන් සන්දීප් කුමාර් කටයුතු කරයි. මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ කාර්යය මණ්ඩලය මෙරට Read More

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී නීතිය ශ්‍රී ලංකාවේ – ජනපති කියයි

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී නීතිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දැනට ඇති බිලියන 85ක් වන දළ දේශීය නිෂ්පාදිතය 2045 වසර වනවිට බිලියන 350ක් දක්වා වර්ධනය කිරීම සැළසුම් බවයි ජනාධිපතිවරයා අවධාරණය කරයි. කොළඹදී පැවති නීතීඥ වෘත්තිකයින්ගේ හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකරනලදි. ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් නීතිඥයෝ යන තේමාවෙනුයි මෙය සංවිධාන Read More

අරුවක්කාලු කසල ව්‍යාපෘතියේ මූලික අත්හදා බැලීම් අරඹයි

අරුවක්කාලු අංගනයට කසල ගොඩබෑම, කසල පැටවීම සහ කසල රඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතුවල මූලික මට්ටමේ අත්හදා බැලීම් ඊයේ (25) සිදු කළ බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ , ආර්.එම්.ජී.එස් බණ්ඩාර මහතා පවසයි. අධ්‍යක්ෂකවරයා අවධාරනය කළේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිත කරන බවයි. එබැවින් අරුවක්කාලු කසල ව්‍යාපෘතිය මගින් සාමන්‍ය ජන ජීවිතයට හෝ පරිසරයට බලපෑමක් සිදු නොවන බවද Read More

බදු පිළිබඳ සියලු තොරතුරු මාධ්‍යට

බදු පිළිබඳ සියලු තොරතුරු අද (26) දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙම වකවානුව තුළ හිඟ බදු අය කරගනිමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා පවසයි. හිඟ බදු අය කරගැනීම සඳහා බැංකු ගිණුම් 900ක් පමණ මේ වනවිට නවත්වා ඇති අතර එම හිඟ බදු මුදල් අය කරගැනීමට Read More

Telegram CEO ප්‍රංශයේදී අත්අඩංගුවට

ලොව ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැරීසියට උතුරින් පිහිටි ගුවන් තොටුපොළකට ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගොඩබැස්සවීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Telegram යෙදවුමට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශය විසින් ගෙන තිබූ වරෙන්තුවට අනුව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන 39 Read More

ඡන්ද කාඩ්පත් බෙදාහැරීම ගැන දැනුම්දීමක්

2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින් සඳහා යැවෙන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටුව භාර ගැනීමේ කටයුතු හෙට (26) දිනයේ සිදුකිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම ඡන්ද කාඩ්පත් බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් 03 වනදා ඇරඹෙන අතර සැප්තැම්බර් 08 විශේෂ දිනයක් සේ සලකා එම බෙදාහැරීම් කටයුතු සිදු කෙරෙනු ඇත. මෙම කටයුතු හේතුවෙන් ජනාධිපතිවරණය අවසන් වනතුරු Read More

t

o

p