ප්ලාස්ටික් හා පොලිතින් තහනම් වෙයි

එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන ප්ලාස්ක් සහ පොලිතින් ජූනි මාසයේ සිට තහනම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි. පරිසර අමාත්‍යාංශය මඟින් අනුරාධපුර ක්‍රියාත්මක කරන සුවදායී භූමිදර්ශන‍ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මෙරට ප්ලාස්ටික් හා පොලිතීන් අවම කිරීම සඳහා කඩිනම් Read More

අසත්‍ය වාර්තාවක් ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි කිසිදු පාර්ශ්වයක් විසින් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බව ද එම නිවේදනයේ සඳහන්. මෙය රජය ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් Read More

බිත්තර ගැන ප්‍රමිති වාර්තාව අද(27)

ආනයනය කිරීමට නියමිත බිත්තර තොගය සම්බන්ධයෙන් වන ප්‍රමිති වාර්තාව අද (27) දිනයේ මෙරටට ලැබීමට නියමිත බව වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පැවසුවේ, නවදිල්ලිහි පිහිටි පශු සම්පත් අමාත්‍යාංශය මගින් එම වාර්තාව ලබාදීමට නියමිත බවයි. අනතුරුව එම බිත්තර තොගය රැගත් නෞකාව මෙරට ළඟාවීමට නියමිතව ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ජනපතිගෙන් තරුණ නීතිඥවරුන්ට යෝජනාවක්

අක්වෙරළ ආර්ථික නීතිය පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා ගන්නා ලෙසත්, වරාය නගරයේ නව නීති ප්‍රවර්ධනය වෙනුවෙන් කමිටුවක් පිහිටුවන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ නීතිඥවරුන්ට යෝජනා කළේය. අක්වෙරළ ආර්ථික නීතියක් සහිත මූල්‍ය මධ්‍යස්ථානය ලෙස නව වරාය නගරය සංවර්ධනය කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (25) පස්වරුවේ කොළඹ Read More

ණය අර්බුදය විසඳා ගැනීම සඳහා සහයදීමට ජී 20 රටවල් එකඟ වෙයි

අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවලට ඔවුන් මුහුණ පා සිටින ණය ගැටළුවේදී විසඳුම් ලබාගැනීම සඳහා සහය ලබාදීමට ජී 20 සාමාජික රටවල් එකගත්වය පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි. ඒ, ඉන්දියාවේ සභාපතිත්වයෙන් ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැති ජී 20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ හා මහ බැංකු ප්‍රධානීන්ගේ හමුවේදීයි. එහිදී අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවලට ඔවුන් මුහුණ පා සිටින Read More

සමාජ ප්‍රතිලාභ ගෙවීම් සඳහා වූ සමීක්ෂණයට අයදුම්පත් ලක්ෂ 37ක්

සමාජ ප්‍රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයේ දත්ත රැස් කීරීමට විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් හා ප්‍රජා මූල සංවිධාන නායකයින් යොදා ගැනීමට පියවර ගෙන ඇත. සමාජ ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති, බී . විජේරත්න මහතා ප්‍රකාශ කළේ, සමීක්ෂණයේ දත්ත එක් රැස් කිරීම ඇතැම් රාජ්‍ය නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම පියවර ගත් බවයි. වෘත්තිය සමිති කිහිපයක තීරණයක් Read More

වකුගඩු සහ අවයව බද්ධ කිරීම් සීමාවෙයි

වකුගඩු සහ අවයව බද්ධ කිරීමේදී සිදුකරනු ලබන ගැලපීම් සහ සැසඳුම් පරීක්ෂණ කටයුතු මේ වන විට අකර්මණ්‍ය වී ඇති බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි. වකුගඩු, අක්මා ඇතුළු අවයව බද්ධ කරනු ලබන රෝගීන්ගේ ජාන හඳුනා ගැනීම්, ගැලපීම් සහ සැසඳුම් පරීක්ෂණ සිදුකිරීමේදී භාවිත කරනු ලබන රසායනික ද්‍රව්‍යවල පවතින විශාල හිඟය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇත. මේ හේතුවෙන් එම Read More

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එහි අගය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස දැක්වෙන බවය. ජපානයේ උතුරු හොකයිඩෝ දූපතේ නැගෙනහිර කොටසේ මෙම ප්‍රබල භූමිකම්පාව සිදුවෙමින් පවතින අතර වාහන ද සෙලවී ගිය බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

පොහොර ආනයනය ට පියවර

එළඹෙන කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා පියවර ගෙන ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා සඳහන් කළේ ලෝක කෘෂිකර්ම සංවිධානය සමඟ සම්බන්ධ වී පොහොර ආනයනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 85,000 ක තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මාර්තු 1 වනදා සිදු කරන බව මහ බැංකුව පවසයි. දින 91 න් රුපියල් මිලියන 45,000 ක්, දින 182 න් රුපියල් මිලියන 20,000ක් සහ දින 364 න් ද රුපියල් මිලියන 20,000ක් ලෙස ඒවා වෙන්දේසි කරනු ඇති.

t

o

p