අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවලට ඔවුන් මුහුණ පා සිටින ණය ගැටළුවේදී විසඳුම් ලබාගැනීම සඳහා සහය ලබාදීමට ජී 20 සාමාජික රටවල් එකගත්වය පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි. ඒ, ඉන්දියාවේ සභාපතිත්වයෙන් ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැති ජී 20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ හා මහ බැංකු ප්‍රධානීන්ගේ හමුවේදීයි.
එහිදී අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවලට ඔවුන් මුහුණ පා සිටින ණය ගැටළුවලට මුහුණදීම සඳහා යෝජිත නියාමන රාමුවක් යටතේ සහය ලබාදීමට ජී 20 රටවල් එකගත්වය පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඝානාව, ශ්‍රී ලංකාව, සැම්බියාව සහ ඉතියෝපියාව යන රටවල්වලට ජී 20 සාකච්ඡාවලින් ප්‍රතිලාභ ලැබෙනු ඇති බව සඳහන්. තවද, ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය සඳහා කඩිනම් විසඳුමකට පැමිණීමට අපේක්ෂා කරන බව ද ඉන්දීය මුදල් අමාත්‍යවරිය පවසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.