සමාජ ප්‍රතිලාභ ගෙවීම් සඳහා වූ සමීක්ෂණයට අයදුම්පත් ලක්ෂ 37ක්

February 26, 2023

සමාජ ප්‍රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයේ දත්ත රැස් කීරීමට විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් හා ප්‍රජා මූල සංවිධාන නායකයින් යොදා ගැනීමට පියවර ගෙන ඇත.

සමාජ ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති, බී . විජේරත්න මහතා ප්‍රකාශ කළේ, සමීක්ෂණයේ දත්ත එක් රැස් කිරීම ඇතැම් රාජ්‍ය නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

වෘත්තිය සමිති කිහිපයක තීරණයක් මත, ඇතැම් රාජ්‍ය නිලධාරීන් අදාළ සමීක්ෂණය සඳහා දායක වීම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළේ ය.

ඒ හේතුවෙන් සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකම සමීක්ෂණය සිදු කිරීමට නොහැකි විය.

නව තීරණයත් සමග සමාජ ප්‍රතිලාභ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ සමීක්ෂණය දීපව්‍යාප්තව සිදු කිරීමට හැකි වෙතැයි, බී . විජේරත්න මහතා පැවසු වේය.

ඔහු සඳහන් කළේ, මාර්තු මාසය අවසන් වීමට පෙර එය අවසන් කර, දත්ත විශ්ලේෂණය ආරම්භ කරන බවයි.

සමාජ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන සමීක්ෂණයට ඉදිරිපත් වී ඇති අයදුම්පත් සංඛ්‍යාව ලක්ෂ 37 කි.

t

o

p