අසත්‍ය වාර්තාවක් ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

February 27, 2023

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි කිසිදු පාර්ශ්වයක් විසින් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බව ද එම නිවේදනයේ සඳහන්.

මෙය රජය ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

t

o

p