තෙල් සංස්ථාවෙන් ඩොලර් හොයන්න අලුත් ක්‍රමයක්

කන්කසන්තූර් වරායේ යුද කාලීන තෙල් ටැංකි නවීකරණය කර මුහුදු මාර්ගයෙන් උතුරට තෙල් බෙදා හැරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරයි. මේ අනුව ඉදිරි කාලය තුළ තූත්තුකුඩියේ සිට යාපනය දක්වා ආරම්භ කිරීමට නියමිත යාත්‍රා සේවාව සඳහා ඩීසල් ලබාදී ඩොලර් උපයා ගත හැකි ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ත්‍රිකුණාමලයේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්ධන Read More

රාජ්‍ය පරිපාලන විශ්වවිද්‍යාලයක් ඇති කිරීම කෙරෙහි අවධානය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා උපකාර කරන්නේ කෙසේද යන්න සහ ඵලදායී අධීක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වාදීමෙන් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයාබැලීම භාරත් ලාල් මහතාගේ සංචාරයේ අරමුණවී තිබේ. මහජන සේවාවන් සැපයීම සඳහා තොරතුරු තාක්ෂණය හඳුන්වාදීමෙන් ඉන්දීයාව කැපීපෙනෙන ප්‍රගතියක් ලබාඇති අතර ඒ හරහා රුපියල් බිලියන ගණනක මුදලක් ඉතිරි කරගැනීමට හැකිවී Read More

අප්‍රේල් වැටුප ගැන ආණ්ඩුවෙන් දැනුම්දීමක්

ආණ්ඩුවේ මුදල් ප්‍රවාහයට බරක් වුවද අප්‍රේල් මස 10 වනදාට පෙර රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, මෙම වසරේ අවසන් කාර්තුව වන විට රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදීමට ද රජය කටයුතු කරන බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් Read More

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕක්ලන්ඩ්හිදී අද (2) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපිරි ඕවරයේදී ජය ලැබීමට සමත් වූහ. මහීෂ් තීක්‍ෂණ යැවූ ‘සුපිරි ඕවරයට’ නවසීලන්තය ලකුණු 8 ක් පමණක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිල පන්දු දෙකකින් ලකුණු 12 ක් රැස්කරමින් ජයග්‍රහණ තහවුරු කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම Read More

සෞඛ්‍ය අංශවලින් දැනුවත් කිරීමක්

අධික උණුසුම් කාලගුණය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි, සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දීමක් සිදුකරයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කළේ, සිරුර සිසිල් කරවන ආහාර මෙම දිනවල වැඩි වශයෙන් ලබාගත යුතු බවයි. අවදානම් කාණ්ඩ ඒ පිළිබඳ විශේෂ සැළකිල්ලක් දැක්විය යුතු බව ද, විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කළා ය.

අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

ඉදිරි යල සහ මහ කන්න අස්වනු සරු කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස පවත්වන සාම්ප්‍රදායනුකූල අලුත් සහල් මංගල්‍යය අද පැවැත්වෙයි. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක දායකත්වයෙන් අලුත් සහල් මංගල්‍යය සිදු කිරීමට නියමිතයි. 2022/23 මහ කන්නයේ සෑම දිස්ත්‍රික්කයකම ගොවි Read More

මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ

තමා ජනාධිපති ධූරයේ සිටින තාක් කල් රටේ නීතිය හා සාමය කඩ කිරීමට නැවත කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. තමා සිටින්නේ හරි දේ කිරීමට මිස ජනප්‍රිය දේ කිරීමට නොවන බව පැවසූ ජනාධිපතිවරයා ජනප්‍රිය සංකල්ප ඉදිරිපත් කිරීමෙන් සිදු වුයේ රට විනාශ වීම පමණක් බව ද කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා Read More

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පෙළ පොත් සකස් කිරීමට අවධානය

පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමටත් ඊට අදාළ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමටත් අධ්‍යාපන අමාතා්‍යංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලෙස ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එම අමාත්‍යංශයේ බලධාරීන්ට දැනුම් දී තිබේ. ඒ, එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි. එම විශේෂ කමිටුවට සෞඛ්‍ය සහ Read More

සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිල අඩුවෙයි

සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිල අඩුවී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. රුපියල් 220 ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 200ක් වන අතර, රුපියල් 340ට පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 310ක් ලෙස පහළ ගොස් ඇත. එමෙන්ම රුපියල් 230ක් ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක රුපියල් 210ක් ලෙස පහළ ගොස් ඇති Read More

STEAM අධ්‍යාපන ක්‍රමය ඇරඹෙයි

ජාත්‍යන්තර ප්‍රමිතියේ ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දීම ඊය‌ේ (31) කොළඹ රාජකීය විද්‍යාලයේදී සිදු කෙරුණි. පංති කාමරයකට සීමා වූ අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට ප්‍රායෝගික ක්‍රමවේදයක් හඳුන්වාදෙන ස්ටීම් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ වඩාත් ක්‍රියාශීලී දරු පරපුරක් බිහි කළ හැකි බවයි එම අවසථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළේ. මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ ලංකා Read More

t

o

p