රාජ්‍ය පරිපාලන විශ්වවිද්‍යාලයක් ඇති කිරීම කෙරෙහි අවධානය

April 2, 2023

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා උපකාර කරන්නේ කෙසේද යන්න සහ ඵලදායී අධීක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වාදීමෙන් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයාබැලීම භාරත් ලාල් මහතාගේ සංචාරයේ අරමුණවී තිබේ.

මහජන සේවාවන් සැපයීම සඳහා තොරතුරු තාක්ෂණය හඳුන්වාදීමෙන් ඉන්දීයාව කැපීපෙනෙන ප්‍රගතියක් ලබාඇති අතර ඒ හරහා රුපියල් බිලියන ගණනක මුදලක් ඉතිරි කරගැනීමට හැකිවී තිබෙන බව භාරත් ලාල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය පාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ඉන්දීය යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ භාරත් ලාල් මහතාගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

t

o

p