අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

April 2, 2023

ඉදිරි යල සහ මහ කන්න අස්වනු සරු කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස පවත්වන සාම්ප්‍රදායනුකූල අලුත් සහල් මංගල්‍යය අද පැවැත්වෙයි. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක දායකත්වයෙන් අලුත් සහල් මංගල්‍යය සිදු කිරීමට නියමිතයි.

2022/23 මහ කන්නයේ සෑම දිස්ත්‍රික්කයකම ගොවි ජනතාව විසින් සිය අස්වැන්නේ පළමු කොටස ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම උදෙසා අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබයි.

t

o

p