Lanka News Page

ආනයන තහනම අස්සේ ගෙන්වූ වාහන 400 රාජසන්තක වෙයිද?

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ආනයනය කරනු ලැබූ වාහන 400කට ආසන ප්‍රමාණයක් රාජසන්තක කරනවාද නැද්ද? යන්න පිළිබඳ කරණු විමසා ශ්‍රී ලංකා රේගුව මුදල් අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර තිබේ. පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ රජය මගින් ආනයන තහනම පැනවීමෙන් පසු මෙම වාහන ඇණවුම් කර ඇති නිසා එය දැනට ක්‍රියාත්මක නීතියට Read More

‘එක රටක්-එක නීතියක්’ හදන්න ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් බළකායක්

ජනාධිපතිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ”එක රටක් – එක නීතියක්” සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙන අතර, එහි ප‍්‍රධානත්වයට බොදු බලසේනා සංවිධානයේ නායක හිමියන් වන ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පත්කර තිබේ. එක රටක් – එක නීතියක් වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සංඛ්‍යාව 13 කි. මෙම ජනාධිපති කාර්ය සාධක බලකායට Read More

සහල් කිලෝවක මිල තවත් රුපියල් 30කින් ඉහළට

සහල් මෝල් හිමියන් විසින් නව සහල් මිල ප්‍රකාශයට පත්කර සති කිහිපයක් ඇතුළත නැවත වතාවක් සහල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 15කින්, සම්බා රුපියල් 10කින් සහ කීරි සම්බා රුපියල් 30කින් ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොළ ආරංචිමාර්ග සඳහන් කළේ.

“මාව පත් කළේ පරිප්පුවලයි, හාල්වලයි ගාන බලන්නයි නෙමෙයි” – ජනපති

“අපේ පහුගිය රජයවල් පවා මේක කරන්නට උත්සහය අරගෙන තියෙනවා. මේක අමාරු කාර්යයක්. අවුරුදු 30ක් විතර, මගේ පරම්පරාවේ අයනම් දැකලා තියෙනවා පාරම්පරික වගාවක් කරන හැටි. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය ගත්තේ නෑ. මම විශ්වාස කරන්නේ මාව පත් කළේ නිකං පරිප්පුවල ගාන බලන්නයි හාල්වල ගාන බලන්නයි නම් මාව වැඩක් නෑ. නමුත් ඊට වඩා වෙනසක් මේ Read More

ආගමික ස්ථාන පවත්වාගෙන යෑමේ නව මාර්ගෝපදේශයක්

කොවිඩ් වසංගතය හමුවේ ආගමික සිද්ධස්ථාන සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පියවර ගෙන තිබෙනවා. සියලුම ආගමික සිද්ධස්ථානවල බෞද්ධ ආගමිකයන්ට පොහෝය දිනයන් සහ බෝධි පූජා සඳහාත්,  මුස්ලිම් සහ හින්දු භක්තිකයන්ට සිකුරාදා දිනයත්, කතෝලික බැතිමතුන්ට ඉරිදා දිනයත් උපරිමය පුද්ගලයින් 50 කට යටත්ව පූජාවන් සඳහා සහභාගිවීමට අවසර හිමිව තිබෙනවා. Read More

චීනයට ශ්‍රී ලංකාවෙන් තහනමක්

චීනයේ සිට හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට රැගෙන එන ලද නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන ලෙස සියලු අංශවලට නියෝග කර ඇති බව හාබර් මාස්ටර්වරයා පවසයි. ඒ අනුව, අදාළ නෞකාව කොළඹ වරාය සීමාවට ඇතුළු වී නොමැති බවත් නෞකාවේ පැමිණිම ගැන මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් කර නොමැති බවත් හාබර් මාස්ටර්වරයා සඳහන් කළේ ය.

යාපනයේ කඩු කල්ලි නැවත හිස ඔසවයි

යාපනයේ නීර්වේලී ප‍්‍රදේශයේ නිවසකට ඇතුලූ වූ කඩු පොලූ රැගත් පිරිසක් එම නිවසේ භාණ්ඩවලට අලාභහානි කොට නිවසේ සිටි දෙදෙනකුට කඩු ප‍්‍රහාර එල්ලකොට තුවාල සිදුකොට පලාගොස් තිබේ. තුවාලකරුවන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

ඩ්‍රෝනා ප්‍රහාරයකින් අල්කයිඩා නායකයෙකු මරුට

සිරියාවේ ප්‍රධාන අල්කයිඩා නායකයෙකු අමෙරිකාව එල්ල කළ ඩ්‍රෝනා ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා විය. අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් එලෙස ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. අදාළ ප්‍රහාරය සඳහා එම් කිව් 09 ඩ්‍රෝන යානයක් භාවිතා කර ඇති බව සඳහන් වේ.

ප්‍රාථමික අංශ ලබන 25 සඳුදා සිට ඇරඹේ

රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) එළඹෙන 25 වන සඳුදා සිට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී තිබේ. පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හි ප්‍රාථමික අංශ පසුගිය ඔක්තෝබර් 21 දින සිට ආරම්භ වූ බවත් අනතුරුව ලබන සඳුදා දෙවන අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල් හි Read More

ශ්‍රී ලංකාවට පහසු ජයක්

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුදුසුකම් ලැබීමේ මුල් වටයේ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්​ත කණ්ඩායම අතර පැවැත්වූ තරඟයේදී කඩුලු 8ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්​ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු44ක් පමණයි. වනිඳු හසරංග කඩුලු 3යි,මහීෂ් තීක්ෂණ කඩුලු 2යි ලහිරු කුමාර Read More

t

o

p