Lanka News Page

අද (21) පැයක පමණ විදුලි කප්පාදුවක්

බස්නාහිර පළාතට අද (21) පැයක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදු වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දිනමිණට පැවසීය. ඊට අමතරව දකුණු පළාතට ද අද දින පැය තුනක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ජල විදුලි උත්පාදනය සීමා කිරීමට සිදුවීමත් විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ගැටලුවක් මතුවීමත් යන කාරණා නිසා මෙසේ Read More

ඉතිහාසයේ පෙට‍්‍රල් හා ඩීසල් අලෙවි වන ඉහලම මිල වාර්තා වෙයි

ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ නැගීම සඳහා වන යෝජනාව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට දෙවන වතාවටත් ඉදිරිපත් කර තිබෙනවා. දැනට සංස්ථාව පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 අලෙවි කරන අතර යෝජනා කර ඇත්තේ එය රුපියල් 192 දක්වා ඉහළ නැංවිය යුතු බවටයි. සංස්ථා ඩීසල් ලීටරයක් දැනට අලෙවි වන්නේ රුපියල් Read More

පැණි ධම්මිකගේ සොයුරු හීන් බණ්ඩා කොරෝනාවෙන් මරුට

පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් කොරෝනා රෝගයට දේශීය පැණියක් නිෂ්පාදනය කළ උඩුමාගම ‘ධම්මික බංඩාර‘ නොහොත් ධනපාල කංකානම්ගේ නමැති කට්ටඩි මහතාගේ බාල සහෝදරයා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයාමේ පුවතක් වාර්තාවේ. මෙලෙස මිය ගොස් ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල මාකූර ගනේගොඩතැන්නේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන් බංඩා නැමැති 58 හැවිරිදි තිදරු පියෙකි.

රුසියානු භටයින් ආපසු හැරෙයි

යුක්‍රේන දේශ සීමාවේ සිටි තම හමුදා සාමාජිකයින්ගෙන් කොටසක් ආපසු කැඳවූ බව රුසියාව ඊයේ පැවසුවා. ඒ, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇතැයි බිය ලොව පුරා පැතිර ගොස් ඇති පසුබිමකයි. කෙසේවෙතත් කොපමණ හමුදා භට පිරිසක් යළිත් කඳවුරු වෙත කැඳවූවාදැයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.

20 – 20 තරඟාවලිය ඕස්ට්‍රේලියාව ජය ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය 3 ට බිංදුවක් ලෙස ජය ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, තවත් තරඟ දෙකක් ඉතිරිව තිබියදීයි. ඊයේ පැවති තුන්වන තරඟය ඕස්ට්‍රේලියාව කඩුලු 06 කින් ජය ගත්තා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා පිළේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 06 ක් Read More

ශ්‍රී ලංකාව 2050 දී කාබන් උදාසීන රටක්

පරිසර හිතකාමී වැඩසටහන් මගින් 2050 වසරේදී ශ්‍රී ලංකාව කාබන් උදාසීන රටක් බවට පත් කරන බව අද දින පරිසර ඇමති මහින්දඅමරවීර පැවසීය. කැබිනට් තීරණ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ ගැන විස්තර කළේය. වැඩිදුර වාර්තාව පහතින්

සෑම කුඹුරකටම හමුදාවෙන් දමයි

ඉදිරි යල කන්නයේදී ගොවීන්ට උපරිම ලෙස සහයවීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියකු බැගින් යොමු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. කෘෂිකර්මයට සම්බන්ධ ආයතන සහ නිලධාරින් සමඟ සම්බන්ධවී (සම්බන්ධීකරණය ) ගොවීන්ට පොහොර සැපයීමේ සිට අස්වැන්න ලබාගැනීම දක්වාවූ සියලු කටයුතු සඳහා විවිධාකාරයට උදව් කිරිම මෙම හමුදා නිලධාරීන්ට පැවරෙන වගකීම බවද Read More

විදෙස් ණය ගැන අනාවරණයක්

ලබන මාසයේදී ශ්‍රි ලංකා රජය අමෙරිකා ඩොලර් මිලයන 515ක විදේශ ණයක් ගෙවීමට නියමිතව ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මේ වනවිට රජය සතු විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 700 ක් වන අතර එම ප්‍රමාණය අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට සති දෙකහමාරකට සෑහෙන බව ද ඔහු පවසයි. ඉතා අඩුම සංචිත ප්‍රමාණයක් තිබෙන Read More

හෙද සංගමය සෞඛ්‍ය වැඩ වර්ජනයෙන් ඉවත් වේ

දැනට ක්‍රියාත්මක කර තිබෙන සෞඛ්‍ය වෘත්තිකයන් ගේ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ හෙද නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ. එම වැඩ වර්ජනය අත්හිටුවන ලෙසට අධිකරණ නියෝගයක් ලැබී ඇති හෙයින් මෙම තීරණය ගත් බව සංගමය කියා සිටිති. කෙසේ වෙතත් සෙසු වෘත්තීය සමිති සාමාජිකයන් තව දුරටත් වර්ජනයේ නිරත වන බව සදහන් කරති.

විදුලි බලාගාර දෙකක් අක්‍රිය වෙයි

ඊයේ (12) පස්වරුවේ සිට ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා විය. කැලණිතිස්ස හා කෙරවලපිටිය තාප බලාගාරවල කාර්මික දෝෂයක් ඊට හේතුවී තිබේ. ජාතික පද්ධතියෙන් මෙගාවොට් 400ක් පමණ පද්ධතියට අහිමිවීම මෙලෙස විදුලිය විසන්ධිවීමට හේතුව බව වාර්තා වෙයි.

t

o

p