විදෙස් ණය ගැන අනාවරණයක්

February 13, 2022

ලබන මාසයේදී ශ්‍රි ලංකා රජය අමෙරිකා ඩොලර් මිලයන 515ක විදේශ ණයක් ගෙවීමට නියමිතව ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මේ වනවිට රජය සතු විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 700 ක් වන අතර එම ප්‍රමාණය අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට සති දෙකහමාරකට සෑහෙන බව ද ඔහු පවසයි.

ඉතා අඩුම සංචිත ප්‍රමාණයක් තිබෙන ප්‍රථම අවස්ථාව මෙය බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ලබන මාසයේ ඩොලර් මිලියන 515ක් ගෙවීම රටට බරපතල ප්‍රශ්නයක් වනු ඇතැයි ද ඔහු කීය.

t

o

p