Local News

මුළු දිවයිනටම පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද(14) පෙරවරු 6ට ඉවත් කරන ලදි. එය පස්වරු 6ට යළි පැනවෙන අතර පසුදින (15) පෙරවරු 5 දක්වා බල පැවැත්වෙයි. ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය Read More

රනිල් අගමැති ලෙස දිව්රුම් දීමට සුදානම්

නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු ඇතැයි මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා හෙට හෝ අනිද්දා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි. රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් Read More

උදෑසන 7ට ඉවත් කළ ඇදිරිනීතිය සවස දෙකේ සිට යළි පැනවේ

දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය අද උදෑසන 7.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ යළි එය අද පස්වරු 2.00ට පැනවෙන අතර පසුදින පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන බවය.

චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහීපාල හේරත්, තුෂාර සංජීවගේ නිවෙස් තුළ ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් හමුවේ

විරෝධතාකරුවන් විසින් විනාශයට පත් කළ නිවෙස් තුළ තිබී  ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් සොයාගෙන ඇතැයි මේ වනවිට වාර්තා වේ. චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු,  මහීපාල හේරත්,  තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රා සභාපති අචල නිමන්ත යන අයගේ නිවෙස්වලින් සොයාගත් තොග ජනතාව කොල්ලකා අන් අයට  බෙදා දී ඇති බවද වාර්තාවේ. කුරුණෑගල ප්‍රදේශයේ දී විරොධතාකරුවන් ගිනි තබා විනාශ Read More

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට පැවැත්වේ

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (2021) යොදාගත් පරිදි පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා අද (11) පෙරවරුවේ පැවසීය. ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 16 වැනිදා සහ අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තොම්බර් 17 වැනිදා සිට නොවැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වීමටත් නියමිතය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව යනු ඓතිහාසික බැඳීම් සහිත සිය සමීප අසල්වැසියෙකු බැවින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා පූර්ණ සහයෝගය දක්වන බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ පළමුව අසල්වැසියා යන ප්‍රතිපත්තියට අනුකූලව, ශ්‍රී ලංකාවේ ජනතාවට ඔවුන්ගේ වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාර කිරීම සඳහා ඉන්දියාව මෙම වසරේ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන Read More

යුද හමුදාපති හා පොලිස්පති මානව හිමිකම් කොමිසම හමුවට

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (11) දිනයේ මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ. පසුගිය 09 වනදා රට තුළ සිදුවූ කලහකාරී තත්ත්වයන් පාලනය කිරීමට පියවර නොගැනීමත් වෙඩිතැබීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති අතර ඒවා සම්බන්ධයෙන් ද කරුණු දක්වන ලෙස මානව හිමිකම් කොමිසම දැනුම් දී ඇත.

ත්‍රෛනිකායික මහනාහිමිවරුගෙන් විශේෂ ප්‍රකාශයක්

මල්වතු පාර්ශයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන,ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව ජනපති,අගමැති,විපක්ෂනායක හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ මන්ත්‍රීවරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු මේ බව අවධාරණය කරති. රට තුළ උද්ගතව Read More

මහින්ද ඉල්ලා අස් වෙයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඊයේ (9) ඉල්ලා අස් වූයේය. ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (9) භාර දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය. මේ සමඟම සියලු අමාත්‍ය ධුර සහිත කැබිනට් මණ්ඩලය අහෝසි වී යන අතර ජනාධිපතිවරයාට නව අගමැතිවරයකු හා ඇමැති මණ්ඩලයක් පත් කර ගැනීමට සිදු වෙයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය Read More

t

o

p