ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවෙන් නිවේදනයක්

May 11, 2022

ශ්‍රී ලංකාව යනු ඓතිහාසික බැඳීම් සහිත සිය සමීප අසල්වැසියෙකු බැවින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා පූර්ණ සහයෝගය දක්වන බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ පළමුව අසල්වැසියා යන ප්‍රතිපත්තියට අනුකූලව, ශ්‍රී ලංකාවේ ජනතාවට ඔවුන්ගේ වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාර කිරීම සඳහා ඉන්දියාව මෙම වසරේ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කට වඩා වැඩි සහයෝගයක් ලබාදී ඇති බවයි.

t

o

p