ජන හා නිවාස සංගණන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

සංගණන කටයුතු සදහා පැමිණෙන නිලධාරීන් නිවැරදි තොරතුරු ලබාදෙන්නැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්‍ෂ ජනරාල් අනුර කුමාර පැවසුවේ සංගණයේ දෙවන පියවර වන ලැයිස්තු ගත කිරීමේ කටයුතු සිදුකරන බවයි.සංගණන කටයුතු ලබන වසරේ අවසන් කිරීමට හැකි වනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියාසිටියි.

බිත්තර මිලියන 15ක් අද දිවයිනට

බිත්තර ආනයනයට අවසර හිමිවීමත් සමග ආනයනික බිත්තර තොගයක් අද රාත්‍රියේ මෙරටට ළගාවන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව බිත්තර මිලියන 15ක් අද දිවයිනට ළගාවීමට නියමිතයි. එම බිත්තර පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමෙන් අනතුරුව වෙළඳපොලට නිකුත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර, 2024 වසරේ ජනවාරි මාසයේ සිට දිනකට බිත්තර ලක්ෂ 10 බැගින් වෙළඳපොළට නිකුත් Read More

වාහන ලක්ෂ විසි තුනක් තහනම් කිරීමට පියවර

ලියාපදිංචිව ඇති, එහෙත් වසර ගණනාවක් තිස්සේ ආගිය අතක් නැති වාහන ලක්ෂ විසි තුනක් පමණ තහනම් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.  ඒ අනුව වසර තුනකට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර අලුත් කරගෙන හෝ පැවරීමකට යොමුව නැති වාහන සම්බන්ධයෙන් තදින්ම කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.  මේ වනවිට වාහන අසූ තුන් ලක්ෂයක් ලියාපදිංචිව ඇතත් වාර්ෂිකව Read More

අසීරු අවස්ථාවල දී නායකත්වය ගැනීමට නොබියව ඉදිරිපත් වන්න – ජනපති

මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනතා පරමාධිපත්‍ය හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැක ගැනීම ද ආරක්ෂක හමුදාවට පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වර්ගවාදී සහ ආගම්වාදී ලෙස වෙන්ව ක්‍රියා කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් එය ශ්‍රී Read More

කුවේටයේ එමීර්වරයා මිය යයි

කුවේට් එමීර්වරයා වන ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් ජබර් අල් සබා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86 ක්.එමීර්වරයාගේ අභාවය කුවේටයේ අධිකරණ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් අබ්දුල්ලා අල්-සබා විසින් රාජ්‍ය රූපවාහිනියේ ඔස්සේ නිවේදනය කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. කෙසේවෙතත් එමීර්වරයාගේ අභාවයට හේතුව කුමක්ද යන්න කුවේට් බලධාරීන් ප්‍රකාශයට පත් කර නැහැ. එහෙත් කුවේටය දින Read More

ධනංජය – කුසල්- වනිඳු නායක වගකීම් වලට

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහා නව නායකයන් පත්කිරීමට තීරණය කර තිබේ. ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ, ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාටත්, එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස්ටත්, විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගටත් ලබාදීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බවය. ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාට සහ Read More

කොළඹ ඇති අවදානම් ගස් හඳුනාගැනේ

කොළඹ නගරයේ වසර 100 කට වඩා පැරණි ගස් 558 ක් අනතුරුදායක බවට හඳුනාගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ (CMC) කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි. විවිධ පාර්ශ්වවලින් ලැබුණු තොරතුරු අනුව මින් පෙර අනතුරුදායක ලෙස හඳුනාගෙන තිබුණේ ගස් 330 ක් පමණක් බව ඇය සඳහන් කරයි. කෙසේ වෙතත්, පසුව සිදුකළ පරීක්ෂාවකදී අනතුරුදායක ගස් 558 ක් හඳුනාගෙන ඇති Read More

හෙට සිට ආරක්ෂක අංශ වෙතින් විශේෂ මෙහෙයුම්

හෙට සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.  ඒ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දනය සඳහායි.  ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩිව පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දි ඇති බවයි.

දරුවන්ට අභ්‍යාස පොත් සහන මිලට

පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය රාජ්‍ය මාධ්‍ය ශාන්ත බණ්ඩාර පවසයි. පාසල්වල විදුහල්පතිවරුන්ට එම ඇණවුම් ඉදිරිපත් කළ හැකි බවද ඔහු සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මුලසුනේ අවසර ඇතිව ප්‍රකාශයක් කරමිනි.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡාවක්

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ කෙටුම්පත සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරේ. පසුගියදා පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වාර්තාව (National Education Policy Framework) සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මනිත්‍රී (ආචාර්ය) වී. රාධක්‍රිශ්නන් Read More

t

o

p