5 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල මත පාසල්වලට අභියාචනා, මාර්ගගත ක‍්‍රමයට

2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා 2024. 02. 13 දින සිට 2024. 02. 29 දින දක්වා මාර්ගගත ක්‍රමයට යොමු කිරීමට දැන් හැකියාව පවතියි. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.

ගාසාහි රෆා නගරයට ගුවන් ප්‍රහාර රැසක්

ගාසාහි රෆා නගරය දැඩි ප්‍රහාරයකට ලක්ව ඇති අතර මරණ ගණනාවක්ද වාර්තා වී ඇති බව පලස්තීන රෙඩ් ක්‍රෙසන්ට් සොසයිටි (PRCS) පුණ්‍යායතනය පවසයි. ඊශ්‍රායල හමුදාව පවසා තිබෙන්නේ තමන් දකුණු ගාසා තීරයේ ප්‍රහාර එල්ල කළ බවයි. පලස්තීන භූමියේ දකුණු දිග ප්‍රදේශයේ පලස්තීනුවන්ට ආරක්ෂිතව යා හැකි තැනක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

වන අලි ගමට ගොවීන්ට කැලේට 

විල්පත්තුව ජාතික වනෝද්‍යානය, තබ්බෝව අභය භූමිය සහ වීරක්කොඩිචෝල රක්ෂිත වනාන්තරවල සැරිසරන වන අලි රංචු මේ දිනවල ගම්වැදීම හේතුවෙන් පොල් අක්කර 500ට ආසන්න ප්‍රමාණයක පොල්ගස් දහසක් පමණ මුළුමනින් ම විනාශයට ලක්කර ඇතැයි ගොවි ජනතාව මැසිවිලි නඟති. වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් එළුවන්කුලම, රාල්මඩුව, ගඟේවාඩිය, මොරපතාව, විජයපුර, කරඩිපුවල්, සමඟිපුර, මයිලන්කුලම, ප්‍රදීපාගම, තේවනුවර, පාවට්ටාමඩුව, තබ්බෝව, මහකෝන්වැව, Read More

ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

තරගයක් ඉතිරිව තිබියදීම සංචාරක ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.ඒ, අද පැවැති දෙවැනි තරගය ලකුණු 155කින් ජය ගනිමිනි. අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමග නොදැවී ලකුණු 97ක් රැස් කළේ ය. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 Read More

කංසා අඩංගු නිෂ්පාදන ගැන දේශීය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කංසා අඩංගු නිෂ්පාදන ‘යුක්තිය’ මෙහෙයුම යටතේ පොලිස් භාරයට නොගන්නා ලෙස දේශීය වෛද්‍යවරු ඉල්ලා සිටියි. මාධ්‍ය හමුවක් පවත්වමින් ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා මහතා එම ඉල්ලීම සිදුකරයි.

සති 5ට ඩෙංගු රෝගීන් 12,550ක්

ජනවාරි සිට පෙබරවාරි මුල් දින 8 දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 12,550ක් සහ මරණ 4ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර රෝගීන් සංඛ්‍යාව 4,157ක්. එමෙන්ම පෙබරවාරි මාසයේ මුල් දින 8 තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,133ක් වාර්තා වී තිබේ.

මහ කන්නයේ ඉහළ වී අස්වැන්නක්

මෙවර මහ කන්නය තුළ මෙරට වගා කළ කුඹුරු සියල්ලම මගින්ඉහළ අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් දිවයින පුරා වී වගාව ආශ්‍රිතව සිදු කරන ලද ගවේෂණ මගින් හෙළිදරව් වී ඇති තොරතුරු අනුව ඉතාමත් සාර්ථක වී අස්වැන්නක් ලබා ගත හැකි බවට තොරතුරු හෙළිදරව් වී තිබේ. Read More

වායු ගුණාත්මක භාවයේ අඩුවීමක්

වායු ගුණාත්මක භාවය කොළඹ දිස්ත්‍රික්කයේ පහළ ගොස් ඇති අතර කොළඹ නගරයේ වායු ගුණාත්මක දර්ශකය 157ක් ලෙස දැක්වෙයි. අද පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ වායු ගුණාත්මක දර්ශකය 172ක් වන අතර මහරගම, දඹුල්ල, කිරිබත්ගොඩ, බදුල්ල, මොනරාගල ප්‍රදේශවල වායු දර්ශකය 150 සීමාව ඉක්මවා ගොස් ඇත.

තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කෙරේ

මියන්මාරයේ හමුදා පාලනය එරට සියලුම තරුණ තරුණියන්ට හමුදා සේවයේ නිරත වීම අනිවාර්ය කර තිබේ. ඒ , මේ වන විට මියන්මාරයේ ඇතැම් ප්‍රදේශවල පාලන බලය සඳහා සටන් කරන සන්නද්ධ කැරළිකාර හමුදා පාලනය කිරීමේ අරමුණින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව වයස අවුරුදු 18ත් 28ත් අතර සියලුම තරුණ තරුණයින් වසර දෙකක් හමුදා සේවයේ නිරත වීම අනිවාර්යයි. Read More

විදුලි ගාස්තු අඩු කිරීමක්

මෙම මාසය අවසන් වීමට පෙර විදුලි ගාස්තු අඩු කිරීමට හැකි බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබීමෙන් පසු ක්‍රියාත්මක වේ. ලබන අප්‍රේල් මාසයේදී යළිත් වරක් විදුලි ගාස්තු සංශෝධනයකට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා Read More

t

o

p