ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

February 12, 2024

තරගයක් ඉතිරිව තිබියදීම සංචාරක ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඒ, අද පැවැති දෙවැනි තරගය ලකුණු 155කින් ජය ගනිමිනි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමග නොදැවී ලකුණු 97ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 308කි

ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 33යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුනු 153ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 27ට කඩුළු 4ක් බිද හෙළුවේ ය.

ලකුණු 155කින් මෙම තරගය ජය ගත් ශ්‍රී ලංකාව තරගයක් ඉතිරිව තිබියදීම තරග 2ට 0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කර ගත්තේ ය.

t

o

p