මහ කන්නයේ ඉහළ වී අස්වැන්නක්

February 11, 2024

මෙවර මහ කන්නය තුළ මෙරට වගා කළ කුඹුරු සියල්ලම මගින්ඉහළ අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් දිවයින පුරා වී වගාව ආශ්‍රිතව සිදු කරන ලද ගවේෂණ මගින් හෙළිදරව් වී ඇති තොරතුරු අනුව ඉතාමත් සාර්ථක වී අස්වැන්නක් ලබා ගත හැකි බවට තොරතුරු හෙළිදරව් වී තිබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට අස්වැන්න නෙලමින් පවතින අතර පසුගිය මාස කිහිපය තුළ පැවැති වර්ෂාව සහිත කාලගුණය කුඹුරු වී වගාව සාර්ථක වීමට බෙහෙවින් බලපා ඇත.

දිවයිනේ කුඹුරු අක්කර ලක්ෂයක් පමණ වර්ෂාව නිසා ඇති වූ ගංවතුරෙන් හානියට පත් වුවද එම කුඹුරු ද නැවතත් වගා කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

t

o

p