මියන්මාරයේ හමුදා පාලනය එරට සියලුම තරුණ තරුණියන්ට හමුදා සේවයේ නිරත වීම අනිවාර්ය කර තිබේ.
ඒ , මේ වන විට මියන්මාරයේ ඇතැම් ප්‍රදේශවල පාලන බලය සඳහා සටන් කරන සන්නද්ධ කැරළිකාර හමුදා පාලනය කිරීමේ අරමුණින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව වයස අවුරුදු 18ත් 28ත් අතර සියලුම තරුණ තරුණයින් වසර දෙකක් හමුදා සේවයේ නිරත වීම අනිවාර්යයි.
ඊට අනුගත නොවන පුද්ගලයින් සඳහා වසර 5ක සිර දඬුවමක් හිමි වනු ඇත.