විදුලි ගාස්තු අඩු කිරීමක්

February 10, 2024

මෙම මාසය අවසන් වීමට පෙර විදුලි ගාස්තු අඩු කිරීමට හැකි බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබීමෙන් පසු ක්‍රියාත්මක වේ.

ලබන අප්‍රේල් මාසයේදී යළිත් වරක් විදුලි ගාස්තු සංශෝධනයකට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියි.

මාර්තු මාසය වන විට එම නිර්දේශ මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබා දෙන බවද ඔහු පැවසිය.

t

o

p