වායු ගුණාත්මක භාවයේ අඩුවීමක්

වායු ගුණාත්මක භාවය කොළඹ දිස්ත්‍රික්කයේ පහළ ගොස් ඇති අතර කොළඹ නගරයේ වායු ගුණාත්මක දර්ශකය 157ක් ලෙස දැක්වෙයි. අද පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ වායු ගුණාත්මක දර්ශකය 172ක් වන අතර මහරගම, දඹුල්ල, කිරිබත්ගොඩ, බදුල්ල, මොනරාගල ප්‍රදේශවල වායු දර්ශකය 150 සීමාව ඉක්මවා ගොස් ඇත.

තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කෙරේ

මියන්මාරයේ හමුදා පාලනය එරට සියලුම තරුණ තරුණියන්ට හමුදා සේවයේ නිරත වීම අනිවාර්ය කර තිබේ. ඒ , මේ වන විට මියන්මාරයේ ඇතැම් ප්‍රදේශවල පාලන බලය සඳහා සටන් කරන සන්නද්ධ කැරළිකාර හමුදා පාලනය කිරීමේ අරමුණින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව වයස අවුරුදු 18ත් 28ත් අතර සියලුම තරුණ තරුණයින් වසර දෙකක් හමුදා සේවයේ නිරත වීම අනිවාර්යයි. Read More

විදුලි ගාස්තු අඩු කිරීමක්

මෙම මාසය අවසන් වීමට පෙර විදුලි ගාස්තු අඩු කිරීමට හැකි බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබීමෙන් පසු ක්‍රියාත්මක වේ. ලබන අප්‍රේල් මාසයේදී යළිත් වරක් විදුලි ගාස්තු සංශෝධනයකට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා Read More

ජෙට් යානා අනතුරක්

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස් දෙනෙකු එහි ගමන් කර ඇති බවයි. ජෙට් යානය අධිවේගී මාර්ගයකට කඩා වැටීමත් සමඟ පුද්ගලයින් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් ව ඇත.

රටපුරා බේකරි සහ වෙළෙඳසැල් 200කට අධික සංඛ්‍යාවක් වටලයි

නියමිත බර ප්‍රමාණය සහ පාන්වල මිල ප්‍රදර්ශනය නොකළ රටපුරා බේකරි සහ වෙළෙඳසැල් 200 කට අධික සංඛ්‍යාවක් වැටලූ බවත් එම බේකරි සහ වෙළෙඳසැල්වලට ඉදිරි දින කීපයේදී නඩු පවරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. පාන්වල නියමිත බර ප්‍රමාණය නොමැති වීම මෙහිදී වැඩි බේකරි සහ වෙළෙඳසැල්වලට එල්ල වූ චෝදනාව බවත් ඇතැම් ව්‍යාපාරික ස්ථානවලට චෝදනා දෙකම Read More

හරිහරන්ගේ ප්‍රසංගයේ අධික තදබදයක්

ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රියේ යාපනය ‘මුට්‍රවෙලි’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට ඉතා විශාල ප්‍රේක්ෂකය සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන් අධික තදබදයක් ඇති වී තිබෙයි. පොලිස් ආරක්ෂක රැකවල් ද බිඳ දමමින් පිරිස ප්‍රසංග භූමියට ඇතුළු වි තිබෙයි. මෙහිදී කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පොලිසිය මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කර Read More

රජය නියම කර ඇති මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනයට

රජය නියම කර ඇති මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.එම අමාත්‍යාංශය පැවසුවේ, මෙවර මහ කන්නයේදී කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්, වී එකතුකරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් මගින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. ඒ සඳහා ව්‍යාපාරිකයින්ට රජය විසින් සහන පොලී අනුපාතයක් මත Read More

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය හර්ෂට

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා යළි පත් කර තිබෙනවා. ඒ අනුව මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කළ සෙසු සාමාජිකයින් පහතින්… 01) ශෙහාන් සේමසිංහ02) වෛද්‍ය සීතා අරඹේපොල03) ආචාර්ය සුරේන් රාඝවන්04) අනුප පස්කුවල්05) ජොන්ස්ටන් ප්‍රනාන්දු06) නීතිඥ රවුෆ් හකීම්07) වජිර අබේවර්ධන08) විජිත හේරත්09) මහින්දානන්ද අලුත්ගමගේ10) දුමින්ද Read More

පැතුම් නිශ්ශංකගේ පිත්තෙන් එක්දින ද්විත්ව ශතකයක්

එක්දින ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික පිතිකරුවාගේ වාර්තාව මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු එක්දින ද්විත්ව ශතකය රැස් කළ පිතිකරුවා වන්නට පැතුම් නිශ්ශංක අද සමත් විය. ඒ ඇෆ්ගනිස්තානය සමඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගයේදීයි. ඇෆ්ගන් පන්දු යවන්නන් තඹ සතයකට මායිම් නොකළ පැතුම් නිශ්ශංක අද පන්දු 139 දී 4 පහර 20ක් සහ 6 Read More

රාජ්‍ය සේවා ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකා පොලිසියට

ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම ශූරයන් වුනේ අවසාන මහා තරගයේදී විශේෂ කාර්ය බලකාය පරදවමින්. මීට අමතරව තවත් ශූරතාවක් හා අනුශූරතාවක් දිනා ගනිමින් මේ තරගාවලියේ කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම්වලට හැකිවිය. තරගාවලිය පැවැත්වුනේ A,B,C,D,E,F,G,H යන ඛාණ්ඩ යටතේ. ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගත්තේ A ඛාණ්ඩයේ අවසාන තරගයේදී විශේෂ කාර්ය Read More

t

o

p