පැතුම් නිශ්ශංකගේ පිත්තෙන් එක්දින ද්විත්ව ශතකයක්

February 9, 2024

එක්දින ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික පිතිකරුවාගේ වාර්තාව මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු එක්දින ද්විත්ව ශතකය රැස් කළ පිතිකරුවා වන්නට පැතුම් නිශ්ශංක අද සමත් විය.

ඒ ඇෆ්ගනිස්තානය සමඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගයේදීයි.

ඇෆ්ගන් පන්දු යවන්නන් තඹ සතයකට මායිම් නොකළ පැතුම් නිශ්ශංක අද පන්දු 139 දී 4 පහර 20ක් සහ 6 පහර 8ක් සමඟ නොදැවී ලකුණු 210ක් ලබා ගත්තා.

එක්දින ද්විත්ව ශතකයක් ලබාගත් ලොව 10 වන පිතිකරුවා ලෙසද පැතුම් නිශ්ශංක අද ඉතිහාස ගතවිය.

අද ඇෆ්ගනිස්තාන ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 381ක් ලබා ගන්නා ලදි.

t

o

p