Lanka News Page

දඬුවම් දෙන්න ඉදිරියට එනවා

චංචා හා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන් සඳහා දඬුවම් ලබාදීමට ඉදිරියට පැමිණෙන බවත්, වරාය අධිකාරියේ ව්‍යාපෘති 09ක දූෂණ හා චංචාගැන පැමිණිලි ඉදිරිපත් කළ බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ප්‍රකාශ කළාය. වරාය අධිකාරියේ සිදුවූ බව කියන වංචා, දූෂණ කිහිපයක් පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරපත් කිරීමට අද (22දා) පැමිණෙමින් ඇය මෙම අදහස් දැක්වීය.

මහා පරිමාණ දූෂණ සෙවීම හා මැඬලීම සඳහා කොමිෂන් සභාවක්

රජය විසින් පත් කර ඇති ජාතික විධායක සභාවේ නිර්දේශ අනුව මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා මැඬලීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. නව ආණ්ඩුවේ මංගල අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (21) පැවති අතර එහිදී මේ සඳහා අනුමැතිය දී ඇත. පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේ ජනතාව අතර බෙදාදීමට ගෙනැවිත් ඇති භාණ්ඩ හා විවිධ අයිතමයන් පිළිබඳ සොයා Read More

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ආයතනවල නව නිලධාරීන් ජනපති අතින් පත්වීම් ලබති

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල නව නිලධාරීන් අද (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත්හ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ ඇති ආයතන සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කරන ලදී. මෙලෙස නව නිලධාරී මණ්ඩලයක් පත් කර ඇත්තේ Read More

ජාතික නිදහස් උළෙල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී

මෙවර පැවැත්වෙන 67වැනි ජාතික නිදහස් උත්සවය පෙබරවාරි 4 දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.මේ ජාතික නිදහස් උත්සවය ඉතා චාම්ව වියදම් අවම වෙන අයුරින් පැවැත්වීමට නියමිතව ඇතැයිද ස්වදේශ කටයුතු ඇමැති ජෝසප් මයිකල් පෙරේරා මහතා ඊයේ (21) සිය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී දන්වා සිටියේය.

යාපනයේ උපාධිදාරීන්ට රැකියා ඉල්ලා උද්ඝෝෂණ

2012 වර්ෂයේ සිට උපාධි සමත්වී සිටින ශ්‍රී ලංකාවේ දෙමළ තරුණ තරුණයින් 3000 කට වැඩි පිරිසකට මෙතෙක් රජයෙන් රැකියා නොලැබීමට එරෙහිව යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිට විශාල පිරිසක් රැස්ව උද්ඝෝෂණයක් පවත්වා තිබේ. එහිදී රජයට දැන්වීම සඳහා යාපනය දිසාපතිවරයාට සංදේශයක් බාරදී තිබේ. එම සංදේශයේ සදහන්ව ඇත්තේ වැඩිම උපාධිධාරීන් පිරිසක් රැකියා නොමැතිව සිටින්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි විශ්ව Read More

ලසන්ත ඇතුළු ඝාතනවල පරීක්ෂණ යළිත් අරඹයි

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදුකළේ කවුද? එය සිදුකළේ කෙසේද යන්න පිළිබඳ සියලු තොරතුරු මේ වනවිට තමන් සතුව ඇති බවත් එම ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු යළි මුලසිට ආරම්භ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සඳහා ආරක්‌ෂක අමාත්‍යංශයේ හිටපු ප්‍රබල ප්‍රධානියකු සහ එම ආණ්‌ඩුවේ සිටි ඇමැතිවරයෙකු සම්බන්ධ බවද රජයේ Read More

සියලු මන්ත්‍රීවරුන්ට චර්යාධර්ම පද්ධතියක්‌

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්‌වා සෑම මහජන නියෝජිතයකු සඳහාම චර්යා ධර්ම පද්ධතියක්‌ පෙබරවාරි 02 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට මහජන නියෝජිතයන් සඳහා මෙවැනි චර්යාධර්ම පද්ධතියක්‌ හඳුන්වාදෙන පළමු අවස්‌ථාව මෙය බව ද Read More

සිවිල් ආරක්ෂක බලකායට නව අධ්‍යක්ෂක ජනරාල්වරයෙක්

සිවිල් ආරක්ෂක බලකායේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස මේජර් ජනරාල් ජානක රත්නායක මහතා  (20) සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේදී සිය ධූරයේ වැඩ භාර ගත්තේය. අභිනවයෙන් අධ්‍යක‍්ෂ ජනරාල් ධූරයට පත්වූ මේජර් ජෙනරාල් රත්නායක මුදියන්සේලාගේ ජානක අතුල රත්නායක මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සැපයුම් නිලධාරීවරයෙකු ලෙස සේවය කරනු ලබයි.

ඉන්ධන මිල පහලට

ඉන්ධන මිල පහල දමා තිබේ. ඒ අනුව 150ක්ව පැවති පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රු.117 ක් දක්වා රු. 33කින් අඩු කර ඇත. රු. 158ක්ව තිබූ පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක මිල රු. 128ක් දක්වා රු. 30 කින් අඩු කර ඇත. රු. 111ක්ව පැවති ඩීසල් ලීටරයක මිල රු. 95 ක් දක්වා රු.16කින් අඩු කර ඇති අතර රු. 133ක්ව Read More

හිරුණිකා පොලීසි යයි

තමන්ගේ පියාවන භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ඉල්ලා පොලිස් මූලස්ථානයට හා අංගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව බස්නාහිර පළාත් මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පැවැසුවාය.

t

o

p