Lanka News Page

ෆයිසර් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතයට අනුමැතිය දී ඇත.   සංවර්ධනය වෙමින් පවතින රටවලට එහි වැඩි අවස්ථාවක් හිමිවිය යුතු බව එක්සත් ජාතීන් අවධාරණය කරයි. කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නතක් සඳහා අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙයවේ.   එමෙන්ම යුනිසෙෆ් සංවිධානය හරහා දිළිඳු රටවලට මෙම එන්නත Read More

අනුරාධපුරයේ විහාරස්ථාන රැසකට වියළි ආහාර මලු

ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංවිධානය හා චීන තානාපති කාර්යාලයේ මූල්‍යමය අනුග්‍රහය මත අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත හා තන්තිරිමලේ ගම්මාන රැසක විහාරස්ථාන සඳහා වියළි සලාක ප්‍රදානය කිරීම පසුගියදා සිදු කළේය. පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහණදී සිටිනා විහාරස්ථානවල ස්වාමීන්වහන්සේ හා සාමණේර හිමිවරුන් සඳහා මේ ප්‍රදානයන් සිදු කළහ.

තරගාවලි පරාජයෙන් බේරෙන්න ශ්‍රී ලංකා පිල හෙට ජොහැනස්බර්ග් පිටියට

කුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ භූමියේදී පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය බේරා ගැනීමේ අරමුණින් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (3) ජොහැනස්බර්ග්හිදී මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරග බිමට පිවිසෙයි. පසුගිය වසරේ සිය මවුබිමේදී අත්වූ පරාජයේ වාඩුව ගැනීමේ අරමුණින් තරගාවලියට එක් වූ දකුණු අප්‍රිකාව මේ වන විටත් 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ. එබැවින් ඔවුන් Read More

සේවය අවසන් කිරීමේ වන්දිය ඉහළ දමනවාට හාම්පුතුන්ගේ විරෝධය

සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ පනත යටතේ වන්දි ගෙවීමේ සීමාව ඉහළ නැන්වීමට රජය ගෙන ඇති තීරණයට සේවායෝජකයන්ගේ සම්මේලනයේ (හාම්පුතුන්ගෙ සම්මේලනය) දැඩි ලෙස විරුද්ධ වී ඇත. පසුගිය සතියේ කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වාද සහභාගි වූ ජාතික කම්කරු උපදේශක සභාවේ දී සේවා යෝජකයන්ගේ සම්මේලනය මෙම විරෝධය මතු කර තිබේ. එම රැස්වීමේදී 2005 වර්ෂයේ දී හඳුන්වා දුන් සේවකයන්ගේ සේවය Read More

කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට නොමිලේ

කොවිඩ් 19 වයිරස පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත උදා වූ නව වසරේ මුල් භාගයේදී මෙරට ජනගහනයෙන් 20%කට දෙන බවට එම සංවිධානය සහතික කළේ යැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබෙන මේ එන්නත හඳුනා ගත් පිරිසක් වෙනුවෙන් දීමට නියමිත බවද ඔහු කීය.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට නිර්ණායක හදන්න කමිටුවක් එයි

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අවශ්‍ය නිර්ණායක සකස් කිරිම සඳහා කමිටුවක් පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. කමිටුවේ නිර්දේශ මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරිමෙන් පසු අදාළ පාර්ශවයන් හි දැන ගැනීමට ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය වී ඇති අතර නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිමේ කටයුතු මෙම මස සිට ආරම්භ කිරීමට ද මැතිවරණ කොමිසම Read More

හෙරොයින් කිලෝවක් සමග පුද්ගයෙකු අම්බලන්ගොඩින් අල්ලයි

අම්බලන්ගොඩ බෙලිවල ප්‍රදේශයේ කළ විශේෂ වැටලීමකදී යතුරු පැදියක් සමග පුද්ගලයෙකු ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (31) සවස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබි හෙරෝයින් කිලෝ එකයි ග්‍රෑම් 600 ක් සොයා ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ. බලපිටිය අධිකරණයට සැකකරු ඉදිරිපත් කොට අන්තරාදායක ඖෂධ පනතේ විධිවිධාන යටතේ දින 7 ක් රඳවාගෙන Read More

ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය අය සොයා ගන්න මහජන සහාය පතයි

පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් පස් දෙනා අතරින් එක් අයෙකු සොයා ගත්ත ද ඉතිරි හතර දෙනා තවමත් සොයා ගැනීමට අපොහොසත්ව ඇති බැවින් ඔවුන් සොයා ගැනීමට ජනතා සහාය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. පළාගිය පුද්ගලයන් පිළිබද යම් තොරතුරක් වේ නම් Read More

රාජාංගනයේ “වන අරණ” සෞභාග්‍යයේ දැක්මට බිලි වෙයි ද ?

අවශේෂ වනාන්තර (Residual Forests) ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බලාත්මක කර තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කොට, වත්මන් ආන්ඩුව විසින් 1/2020 චක්‍රලේඛය බලාත්මක කරනු ලැබීමත් සමඟ දිවයින පුරා වනාන්තර භූමි හෙක්ටයාර ලක්ෂ 5 කට අධික ප්‍රමාණයක් 2030 වසර වන විට අහිමි වීමේ අවධානමකට ලක්ව ඇත. 2050 තෙක් ක්‍රියාත්මක වන ජාතික භෞතික  සැලැසුම් (National Physical Plan) ව්‍යාපෘතිය වෙනුවෙන් අවශේෂ කැලෑ භූමි  නිදහස් කර ගැනීමට ආන්ඩුව සූක්ෂම අයුරින්  අවශ්‍ය නීති රීති වෙනස් කරමින් සිටී. 5/2001 චක්‍රලේඛයේ ඉතා වැදගත් සඳහනක් Read More

මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබදව සොයා බැලීමට පත් කළ කමිටුවේ පුර්ණ වාර්තාව අධිකරණ ඇමතිට භාර දෙයි .

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ පුර්ණ වාර්තාව එම කමිටුවේ සාමාජිකයින්  විසින් අද පස්වරුවේ (30) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාරදීම සිදු විය. කමිටුවේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් Read More

t

o

p