Lanka News Page

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාව සමග සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව සත්කාරක ඔස්ට්‍රේලියාව ලකුණු 20 කින් ඊයේ(11) ජය ගත්‌තේ ය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 19 දී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 143 කි. නමුත් පන්දුවාර 19 ක් අවසානයේ Read More

සෞඛ්‍ය සහ විදුලි සැපයුම වෙන්වෙන් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට සඳහන් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අණ පරිදි , ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. 2022.02.11 දින අංක 2266/55 අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පහත සඳහන් සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් Read More

ඉදිරි මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු වෙන ලකුණු

ඉදිරි මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. ඒ සදහා අනුමැතිය දෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත. කොමිසම පවසන්නේ විදුලිය පරිභෝජනය අවම කර සහාය ලබා නොදුනහොත් ඒ සඳහා අවසර දිය යුතු තත්ත්වයක් උදා වී ඇති බවයි. අඛණ්ඩව විදුලි සැපයුමක් අවශ්‍ය වන්නේ නම් සවස 6 සිට රාත්‍රී 10 Read More

ඇමෙරිකානු භට පිරිස් පෝලන්තයට සහ රුමේනියාවට

3000ක ගෙන් යුත් ඇමෙරිකානු භට පිරිසක් පෝලන්තයට සහ රුමේනියාවට පැමිණ ඇත. මෙයට අමතරව 300කින් සමන්විත ඇමෙරිකානු භට පිරිසක් ජර්මනියට පැමිණ තිබේ. එක්සත් ජනපද මේජර් ජෙනරාල් ක‍්‍රිස්ටෝපර් ඩොන්හු පැවසූවේ ඇමෙරිකානු 82 වැනි ගුවන් බලඝනය ද පෝලන්තයට පැමිණ ඇති බවයි.

අළු බඳුන කාන්තා එක්දින ශූරතාව ඔස්ට්‍රේලියාවට

එංගලන්තය සමඟ පැවති අළු බඳුන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වෙයි. තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය යටතේ ඊයේ (8) මෙල්බර්න්හිදී පැවති අවසන් තරගය කඩුලු 8කින් ජය ගනිමින් ඔස්ට්‍රේලියාව මේ ශූරතාව දිනා ගත්තේ 3-0ක් ලෙස තරගාවලිය ජය ගනිමිනි.

සිමෙන්ති ඉල්ලුම සියයට 20කින් ඉහළට

පසුගිය වසරේ අවසන් කාර්තුවේ සහ මේ වසරේ මුල් කාර්තුවේ සිමෙන්ති භාවිතය මෙන්ම ඉල්ලුම සියයට 20කින් ඉහළ ගොස් ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවල යන්ත්‍රසූත්‍ර බිඳ වැටීම හේතුවෙන් ද නිෂ්පාදනයේ යම් අඩුවක් පෙන්නුම් කරන බවත් ඉදිරි දින සහ සති කිහිපයේදී මේ තත්ත්වය නිරාකරණය කරගත හැකි බවට Read More

සෞඛ්‍ය සේවක වර්ජනය අඛණ්ඩව

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් ක්‍රියාත්මක කර ඇති වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ ඊයේ පැවති සාකච්ඡාවලදී පිළිගත හැකි විසදුමක් නොලැබුණු බව පවසමින්.

මෙරට විදේශ සංචිත ප්‍රමාණය තවත් සති 03 කින් අවසන්

ජාත්‍යන්තර ගණුදෙනු සඳහා යොදාගත හැකි මෙරට විදේශ සංචිත ප්‍රමාණය රටේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වන්නේ සති 03 කට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්ණයක් යොමුකරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

පහළ කඩුගන්නාව තවමත් අවදානම්

ඉදිරි අන්තර් මෝසම් කාලවලදී කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ යළි නාය යෑමේ අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බව ජාතික ආරක්ෂාව සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය. පහළ කඩුගන්නාව 98 වැනි කිලෝමීටර් කණුවට ඉහළින් පිහිටි ප්‍රදේශය ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී නාය ගොස් තිබිණ. මාර්ගයට ඉහළින් අඩි 100 ක පමණ කොටසක් Read More

භාරත සිනමාවේ විශිෂ්ටතම ගී හඬ ලතා මංගේෂ්කාර් ජීවන ගමන නිම කරයි

ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලත් ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය එලෙස මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් -19 වෛරසය ආසාදිතව ඇයව රෝහල් ගත කර තිබේ. මිය යන විට ඇය 92 වැනි වියේ පසු විය.

t

o

p