පහළ කඩුගන්නාව තවමත් අවදානම්

February 6, 2022

ඉදිරි අන්තර් මෝසම් කාලවලදී කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ යළි නාය යෑමේ අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බව ජාතික ආරක්ෂාව සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

පහළ කඩුගන්නාව 98 වැනි කිලෝමීටර් කණුවට ඉහළින් පිහිටි ප්‍රදේශය ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී නාය ගොස් තිබිණ. මාර්ගයට ඉහළින් අඩි 100 ක පමණ කොටසක් පහළට තෙරපීමෙන් මෙම නාය වර්ධනය වී තිබුණි.

නයායෑම් වැළැක්වීමට කඩිනම් පියවර නොගතහොත් අප්‍රේල් හා මැයි මාසවලින් අන්තර් මෝසම සක්‍රිය වීමෙන් යළි නාය යෑමට හැකි බවත් සදහන් කරයි.

t

o

p