ව්‍යවස්ථා සම්පාදන කමිටුවේදී දිනේෂ්ගේ චෝදනාවට සුසිල්ගෙන් පිළිතුරු

April 5, 2017

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ව්‍යවස්ථා සම්පාදන කටයුතු කරනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කර බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණර්ධන මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමුටු රැස්විමේදි ඊයේ (04) ප්‍රකාශ කර ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවේදි ඊයේ කමිටු ශාලාවකදි රැස්වි ඇත. කමිටු සාමාජිකයන් පහලොස් දෙනෙක් ඊට සහභාගී වි තිබේ.
දිනේෂ් ගුණවර්ධන මහතා ඉහත චෝදනාව කළ අවස්ථාවේ රැස්විම් ශාලාවට පැමිණ ඇති සුසිල් ප්‍රේමජයන්ත මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කළ බව එහි සාමාජිකයෙකු මාධ්‍යයට ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා නියෝජනය කරන්නෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිද ප්‍රකාශ කර ඇති අතර ව්‍යවස්ථාවට අදාළව රටට අහිතකර යෝජනා ඉදිරිපත් වනුනේ නම් තම පක්ෂය ඊට එරෙහි වන බවද එම සාමාජිකයා කීවේය.

t

o

p