මාර්ග බලපත්‍ර නැතිට ගියෝත් බස් වලට දඩය ලක්ෂ2යි

April 5, 2017

මාර්ග බලපත්‍රයක් නොමැතිව ධාවනය කරන පුද්ගලික බස් රථවලින් අය කරන රුපියල් දස දහසක දඩ මුදල් රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩි කිරිමේ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේදි ඊයේ (04) අනුමැතිය හිමිවිනි.
උතුරේ සිට දකුණට එන බස්රථ වැඩිපුරම මේ වරද කරන බවත් ඔවුන් නීතිය අතට අරන් වැඩ කරනා බවත් ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කරමින් කියා සිටියේය.
අන්තර් පළාත්වල ධාවනය කරන බස් රථ බොහෝමයකට නිත්‍යානුකඣල බලපත්‍ර නොමැති බවද පෙන්වා දුන් ඇමතිවරයා එලෙස බලපත්‍ර නොමැතිව ධාවනය කිරිමේ වරදට මෙතෙක් අය කළේ රුපියල් දස දහසක දඩයක් බවද කියා සිටියේය.
මෙම දඩය ගෙවා ගොස් ආයෙත් ඔවුන් එම වරදම කරනා බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය. දඩ මුදල ලක්ෂ දෙක දක්වා වැඩි කරනුයේ එම හේතුව නිසාවෙන් බවද ඔහු පැවසුවේය.

t

o

p