මහනුවර නගරයට උමං මාර්ගයක්

April 5, 2017

දළදා මාලිගාව අවට පූජා භුමිය ආශ්‍රිත ප්‍රදේශයේ හා මහනුවර නගරයේ මාර්ග තදබදය වැළැක්විම සඳහා මහනුවර නගරය යටින් දිවෙන උමං මාර්ගයක් ඉදි කිරිමට කැබිනට් අනුමැතිය ඊයේ (04) ලද බව සභානායක සහ මහාමාර්ග, උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
මහනුවර දළදා මාලිගාව ඉදිරිපස මාර්ගය කිසිසේත් විවෘත නොකරන බව පාර්ලිමේන්තුවේදි ඊයේ ප්‍රකාශ කළ ඇමතිවරයා තැන්නේ කුwුරේ සිට අම්පිටිය දක්වාත්, බෝගම්බර සිට ගැටඹේ දක්වාත් උමං මාර්ගයක් ඉදි කරන බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා එසේ කීවේය.
දිනේෂ් ගුණවර්ධන මහතා – දළදා මාලිගාව සහ එය පිහිටි පුජා භුමිය මහා සංඝරත්නය පරම්පරාවෙන් පරම්පරාවට රැක දුන්නා. රජවරුන් දිවි හිමියෙන් රැක දුන්නා. සෑම රජයක්ම දළදා මාලිගාව සහ පූජා භඣමිය රැක ගැනිමට බැදී ඉන්නවා. නමුත් දැනට පුජා භුමිය බල ප්‍රදේශයේ වාහන ගමන් කිරිමේ මාර්ගය විවෘත කිරිමට උත්සාහ කරන බව අගමැතිතුමා දන්නවද මේ පාර විවෘත කිරිම සම්බන්ධව මහානායක හිමිවරු හා මහා සංඝරත්නය, දියවඩන නිළමේතුමා හා බෞද්ධ සංවිධාන විසින් නවතා දමන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.
සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – දළදා මාලිගාව ඉදිරිපස මාර්ගය විවෘත කරන්නේ නැහැ. පසුගිය ආණ්ඩුව මේ පාර වැහුවේ විකල්පයක් ලබා දෙන්නේ නැතුවයි. අවුරුදු විස්සක් මේ අය රට පාලනය කලා. පාරවහලා අද කියනවා තදබදයක් තියෙනවා කියලා. අපි උමං මාර්ගයක් හදනවා. පූජා භුමියේ මායිම් සකස් කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. මේ අය කළේ පුජා භඣමිය වටේ සුරා සැල් විවෘත කරලා කාර් රේස් පැද්ද එකයි. අද බොරුවට කිබුල් කදුළු පෙළෙනවා. (සභාවේ ඝෝෂා)
කතානායක – පාර විවෘත කරන්නේ නැහැ කිව්වානේ.
සභානායක – අවුරුදු විස්සක් රට පාලනය කරලා අද තදබදයක් ගැන අපෙන් අහනවා.

t

o

p