බන්ධනාගාර තදබදය අඩු කරන නිර්දේශ අැතුළුත් වාර්තාවක් පාර්ලිමේන්තුවට

April 4, 2017

මරණ දඩුවම නියම වූ සිරකරුවන්ගේ දඩුවම ජිවිතාන්තය දක්වා සිර දඩුවමක් ලෙස හෝ ලිහිල් කරන ලෙසට ඇමති මණ්ඩලය අනුමැතිය අනුව ස්ථාපිත කළ විශේෂ කාර්ය සාධක බලකාය වාර්තාවක් මගින් රජයට නිර්දේශ කර ඇත.
බන්ධනාගාරවල පවතින තදබදය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සම්බන්ධ අධිකරණමය සහ නෛතික හේතු සොයා බැලිමට පත් කළ කාර්ය සාධක බලකායේ පළමු වාර්තාව මගින් මේ ගැන නිර්දේශ කර තිබේ. මෙම වාර්තාව ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම වාර්තාවට අනුව ජිවිතාන්තය දක්වා වූ සිර දඩුවමට යටත් වූවන්ගේ දඩුවම ලිහිල් කළ හැකි බවද පුනරුත්ථාපනය කළ හා සමාජය සමඟ යළි ඒකාබද්ධ කළ හැකි දිගුකාළින සිරකරුවන්ට ජනාධිපති සමාව ලබාදිය හැකි බවටද නියම කර තිබේ.
බන්ධනාගාර තදබදයට වැඩිම දායකත්වය සපයනු ලබන්නේ මරණ දඩුවම සහ ජිවිතාන්තය දක්වා සිරදඩුවමට ලක් වූ සිරකරුවන් බව මෙම වාර්තාවෙන් පෙන්වා දි ඇත. මරණ දඩුවම නියමවූවන් මේ වන විට 1082 ක් සිටින බවත් ඉන් 726 ක් අභියාචනා ඉදිරිපත් කර ඇති බවත් මෙම වාර්තාවේ සඳහන්වේ.
එමෙන්ම ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියමවූ සිරකරුවන් 555 ක් සිටින බවද පෙන්වා දෙන මෙම කාර්ය සාධක බලකා වාර්තාව ඉන් 463 ක් අභියාචනා ඉදිරිපත් තිබෙන බවද පෙන්වා දේ.
මෙ වන විට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සිරකරුවන් සංඛ්‍යාව හා සමාන සංඛ්‍යාවක් චෝදනා ඔප්පු වී දඩුවම් විදින බවත් රක්ෂිත බන්ධනාගාරයෙන් රැදවියන් මුදා හැරිම සඳහා නිතිපතිවරයාගේ උපදෙස් පතා ඇති නඩු රැසක් තිබෙන බවත් මෙම වාර්තාවේ දක්වා ඇත.
නඩු ගොනු 126 ක් අස්ථානගතවීම නිසා දිගු කලක පටන් රක්ෂිත බන්ධනාගාරයේ රැදවියන් තබා ගැනිමට තිබෙන බවද වාර්තා වී ඇතැයි සඳහන්වේ.
වරදකරුවන් නොකළ සිරකරුවන් 9552 ක් සිරගතව සිටින බව පෙන්වා දෙන මෙම වාර්තාව එම සංඛ්‍යාව සමස්ත සිරකරුවන්ගෙන් 52% ක් බවද පෙන්වා දෙයි. බන්ධනාගාරයේ අනවශ්‍ය තදබදයට එයද හේතුවක්ව ඇතැයිද කාර්ය සාධක වාර්තාව සඳහන් කරයි.
පොලිස් ඇප ලබා දිම මගින් රක්ෂිත බන්ධනාගාර ගත වන සංඛ්‍යාව සැලකිය යුතු අන්දමට අඩු කර ගත හැකි බවත් කාර්ය සාධක බලකාය පොලිස් ඇප ප්‍රදානය කිරිමේදි පොලිසිය විසින් දුෂණ හා අක්‍රමිකතා කරන බවට ජනතාව තුළ අසුබවාදි පිළිගැනිමක් ඇතැයිද දක්වා තිබේ.
අධිකරණ අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරිම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වි. සිව ඥානසෝති යන මහත්වරුන් විසින් අදාළ වාර්තාව නිකුත් කර ඇත.

t

o

p