සීමා නිර්ණ ගැසට් පත්‍රය ලබන සතියේ – ඇමති ෆයිසර්

April 5, 2017

පළාත් පාලන ආයතනයන් හි සභික සංඛ්‍යාව සිමානිර්නයෙන් පසු කොපමණද යන්න පිළිබඳව වන ගැසට් නිවේදනය ලබන සතියේදි ප්‍රකාශයට පත් කෙරෙන බව පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තපා මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (04) ප්‍රකාශ කළේය.
මෙතෙක් කාලයක් මෙම ගැසට් නිවේදනය මෙතරම් කල් ප්‍රමාද වූයේ ඊට අදාළව නිතිපති උපදෙස් ලැබෙන තෙක් සිටි නිසාවෙන් බවද ඇමතිවරයා පැවසීය. මේ වන විට නිතිපති උපදෙස් ලැබි ඇති බවද සඳහන් කළේය.
මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇසු වාචික පිළිතුරු අපේකෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.
සිමා නිර්ණයට අදාළ ගැසට් නිවේදනයට ඇමති අත්සන් කළත් ගැසට් නිවේදනය මුද්‍රණය කර නැති බැවින් සංස්ථාපනය කළ ගැසට් නිවේදනය නිකුත් විය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ යැයිද මන්ත්‍රීවරයා කීවේය.
මෙම ගැසට් නිවේදනය මුද්‍රණාලයාධිපතිට මුද්‍රණය කිරිම සඳහා බාරදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සිය වගකිම නිසියාකාරව ඉටු කර තිබෙන බවත් ඇමති මුස්තාපා මහතා ප්‍රකාශ කළේය. පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරිම නැතිනම් සභික සංඛ්‍යාව තිරණය කිරිමේදි පනතට අනුව කටයුතු කළ යුතු බවද ඇමතිවරයා කීවේය.

t

o

p