කලාකරුවන් හා මැති ඇමතිවරුන් අතර කඹ ඇදිල්ලක්

March 29, 2017

සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කල මැතිසභේ ඇත්තන්ගේ හා කලා සිත් ඇත්තන් සමග කෙළිබිමේ දැවැන්තයන්ගේ අවුරුදු උළෙල පසුගියදා වත්තල ෆෙගාසස් රීස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

සිංහල අවුරුදු සමයේ දක්නට ලැබෙන අවුරුදු තරඟ අතර ඇති අවුරුදු කුමරා තේරීම, අවුරුදු කුමරිය තේරීම, කොට්ටාපොරය, බනිස් කෑම, කඹ ඇදීම, අලියට ඇහැ තැබීම, බැලුන් සමග නර්තනය ඇතුලු තරඟ කිහිපයකින් උළෙල වර්ණවත් වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්වූ අතර මැති ඇමති වරුන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ.

එහිදී ඇමති ගයන්ත ඇතුලු පැමින සිටි මැති ඇමති පිරිස හා කලාකරුවන් ඇතුලු ක්‍රීඩකයින් අතර පැවති කඹ ඇඳීමේ තරඟය පැමිණි සැමගේ සිත්ගත් අවස්ථාවත් විනි. ඉන් මැති ඇමති පිළ ජයගත් අතර අනතුරුව සියලු දෙනා එක්ව ගී ගයමින් සංගීතවත් වුනු අයුරුද දැකගත හැකිවිණි.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා,

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතීඥ රවී ජයවර්ධන හා එහි අධ්‍යක්ෂ ජනරාල් තුසිර මැලැව්වේතන්ත්‍රී යන මහත්වරුන් ඇතුලු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවක මඩුල්ල විසින් මෙය සංවිධානය කෙරිනි.
Awurudu-Uleala1

t

o

p