විමල් උපවාසය අත්හරී

March 30, 2017

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  ආරම්භ කර තිබූ අද (30) උදෑසන 10.00ට පමණ උපවාසය අත් හැරිය බව කොළඹ ජාතික රෝහ‍ලේ  ආරංචි මාර්ග සඳහන් කරයි.
මහා සංඝ රත්නය පැමිණ පිරිත් දේශණා කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා කිරි වීදුරුවක් පානය කරමින්  ආරම්භ කර තිබු උපවාසය නතර කළ බව හෙතෙම පැවසීය.
විමල් වීරවංශ මහතා තමාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා පසුගියා මාර්තු 22 වන දින ආහාර පාන වර්ජනය කරමින් උපවායක් ආරම්භ කළේය.
උපවාසයෙන් ශරීර සෞඛ්‍ය අයහපත් අතට පත් වූ මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහ‍ලේ සිට පසුගිය 26 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබිය.

t

o

p