පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස ද බෑන්කර් සම්මානය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍යට ගොස් සිටි අතර තුර ලන්ඩන් නුවර Four Seasons හෝටලයේ දී මෙම හමුව පැවැත්විණි. මෙම අවස්ථාවට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමරි විජේවර්ධන මහත්මිය ද එක්ව සිටියා ය.