විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මියගේ ප්‍රතිකාර සදහා මූල්‍යමය ආධාර

March 25, 2017

ග්‍රැමෆෝන් යුගයෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසි ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක ලෙස මෙරට ප්‍රවීන ගායන ශිල්පිනියක වූ විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය දැඩි ලෙස රෝගාතුරව පසුවේ. ඇය මේ වන විට ජයවර්ධනපුර රෝහලෙහි ප්‍රතිකාර ලබමින් පසුවන අතර දශක පහකට වැඩි කලක් ගායන ක්ෂේත්‍රයෙන් රසිකයන් පිනවූ ඇය 88 වන වියෙහි පසුවේ.

ඇයගේ දියණිය හා පවුලේ ඥාතීන් හමුවූ  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විවියන් ද සිල්වා මහත්මිගේ සුවදුක් පිළිබඳව විමසීමෙන් අනතුරුව ඉක්මන් සුවය පතා  වෙද්‍යප්‍රතිකාර සදහා ගුවන්විදුලි සංස්ථාව විසින් ලබාදෙන මූල්‍යමය ආධාර චෙක්පතක් ද පිරිනැමීය. මෙම පිරිනැමීම සිදුකලේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාල පරිශ්‍රයේදීය.

Viviyan-de-Silva

t

o

p