CID,FCID හෝ අල්ලස් කොමිසමට මැති ඇමතිවරුන් බලපෑම් කරන්න බෑ – අගමැති

March 25, 2017

මුල්‍ය අපරාධ කොට්ඨාශය, රහස් ‍පොලීසිය සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම යන ආයතන කිසිවෙකට කුමන ආකාරයේ හෝ බලපෑමක් නොකරන ලෙස අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හා රාජ්‍ය අමාත්‍යවරුන්ට ඇතුළු සියලු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා ගෙන තිබෙන මෙම තීරණය ඊළග ආණ්ඩු පක්ෂ රැස්වීමේදි රජයේ මැති ඇමතිවරුන්ට දැනුම් දීමට නියමිතය.
මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් කරනු ලබන ඇතැම් පරික්ෂණවලට ආණ්ඩු පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන් බලපෑම් කළ බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට සාක්ෂි සහිතව කෙරුනු පැමිණිලි පදනම් කර ගනිමින් මේ දැනුම් දිම කෙරෙන බව රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත දැනුම් දීම මැති ඇමතිවරුන්ට කිරිමෙන් පසුව කුමන පදනමක් මත හෝ මුල්‍ය අපරාධ කොට්ඨාශයට, රහස් ‍පොලිසියට හා අල්ලස් කොමිසමට බලපෑම් කරන දේශපාලඥයන් සම්බන්ධයෙන් ඉහළම මට්ටමේ තිරණයක් ගනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

t

o

p