කතානායකගෙන් මන්ත්‍රීවරුන්ට යළිත් සිහි කැඳවීමක්

March 25, 2017

මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදි සිය අදහස් පළ කරද්දි තවත් මන්ත්‍රීවරයෙකුට අයුතු චේතනා ආරෝපණය නොකළ යුතු බවටත් ස්ථාවර නියෝග පිළිපැදිය යුතු බවටත් දැනුම් දෙමින් කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (24) මන්ත්‍රීවරුන්ට යලිත් සිහි කැදවිම් කළේය.
කතානායක කරු ජයසූරිය මහතා මෙම සිහි කැදවිම කරමින් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන්වේ.
පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරිම සඳහා පහත සඳහන් කරුණු ඔබතුමන්ලා ගේ කාරුණික අවධානයට යොමු කරවමි.
සෑම මන්ත්‍රීවරයෙකුම ස්වකීය කථාව සාකච්ඡාවට භාජනය වෙමින් පවතින විෂයයට පමණක් සීමා කළ යුතු බවටත්, කවර මන්ත්‍රීවරයෙකු විසින් හෝ වෙන මන්ත්‍රීවරයෙකු නමින් සශණ!_ණෘඛ යයතු බවටත්, කවර මන්ත්‍රීවරයෙකු විසින් හෝ අන්‍ය මන්ත්‍රීවරයෙකුට අයුතු චේතනා ආරෝපණය කරමින් කථා නොකළ යුතු බවටත් යනාදී වශයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල ඉතාමත් පැහැදිලිව සඳහන් කර තිබෙන බව මේ අවස්ථාවේදි මෙම ගරු සභාවේ සියලූම මන්ත්‍රීවරුන්ගේ අවධානයට යොමු කරනු කැමැතිතෙමි.
එහෙත් මාර්තු මස 22 වැනි දින සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් මෙම උත්තරිතර සභාවේ ගෞරවයට හා කීර්තියට ඉතාමත් හානිකර අයුරින් අග්‍රාමාත්‍යතුමාට සහ වෙනත් මන්ත්‍රීවරුන්ට අසාධාරණ, අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඉතාමත් අශෝභන අයුරින් අපහාස වන ආකාරයට දිගින් දිගටම කථා කළ බව එම අවස්ථාවට අදාළ හැන්සාඩ් වාර්තා උද්ධෘත අධ්‍යයනය කිරිමෙන් අනතුරුව මා විසින් නිරීක්ෂණය කරන ලද අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හිතාමතාම උල්ලංඝනය කර ඇති බව ඉතාමත් කණගාටුවෙන් ප්‍රකාශ කරමි. එවැනි ක්‍රියාවන්වල තිබෙන බරපතල බව මෙන්ම මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට හානි වීමෙන් සිදුවන අහිතකර බලපෑම පිළිබඳව දැනටමත් එම මන්ත්‍රීවරුන්ව දැනුම්වත් කළ බවද දන්වනු කැමැත්තෙමි.
ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර තෝතැන්න වන ව්‍යවස්ථාදායකය තුළදීම මන්ත්‍රීවරුන්ගේ ගෞරවණීයභාවය කෙලෙසන අන්දමින් ක්‍රියා කිරිම පාර්ලිමේන්තුවේ චිරාත් කාලයක සිට පැවත එන සම්ප්‍රදායන්, පරිචයන් සහ ස්ථාවර නියෝගවල විධිවිධානයන්ට අනුකඣල නොවන බව සියලූ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොම කරවීමට කැමැත්තෙමි.
කිසියම් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් විරෝධතාවයක් තිබේ නම් පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකඣලව ක්‍රියා කිරිමට හැකි බවද සඳහන් කරමි.
ආණ්ඩු පාර්ශවයේ සහ විරුද්ධ පාර්ශවයේ සියලූම මන්ත්‍රීවරුන් මේ උත්තරීතර සභා ගර්භයේදි සෑම මන්ත්‍රීවරයෙකුගේම ගෞරවය ආරක්ෂා වන අයුරින් එකිනෙකාට අයුතු ලෙස චෝදනා කිරීමෙන්, අපහාස කිරීමෙන් වැළකෙමින්, වාද විවාදවලට මනා සංයමයකින් යුතුව සහභාගී වීමට වගබලාගත යුතු බවටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් විධිවිධානයන්ට සහ සම්ප්‍රදායන්ට අනුකඣලව මෙම උත්තරීතර සභාවේදි කටයුතු කළ බවටත් අවධාරණය කරමි.

t

o

p