තවත් ඇමති, නි.ඇමති ඇතුළු 9කට වාහන ගන්න රු.කෝටි 37

March 25, 2017

ඇමතිවරුන් තිදෙනෙකුට, නියෝජ්‍ය ඇමතිවරුන් හතර දෙනෙකුට, රාජ්‍ය ඇමතිවරයෙකුට හා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාට වාහන මිලදී ගැනිම සඳහා රුපියල් තිස් හත් කෝටි දස ලක්ෂ අනු හත් දහසක (37 10 97000) මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.
වාහන නවයක් මිලදී ගැනිමේ පරිපූරක ඇස්තමේන්තුව ඊයේ (24) ආණ්ඩු පක්ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමති ෙදාස්තර රාජිත සේනාරත්න මහතාට වාහනයක් සහ නියෝජ්‍ය ඇමති ෆයිසාල් කාසිම් මහතාට වාහනයක් මිලදි ගැනිම සඳහා රුපියල් 8 20 00000 ක මුදලක්ද, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩු බදියුර්දින් මහතාට වාහනයක් සහ නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනිම සඳහා රුපියල් 8 60 00000 ක මුදලක්ද ඉල්ලා ඇත.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිධූරයක් නැති අතර ඇත්තේ රාජ්‍ය ඇමතිවරයෙකු පමණි. රාජ්‍ය ඇමති ලෙස කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චම්පිකා පේ‍ර්මදාස මහතාය.
වැවිලි කර්මාන්ත ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනිම සඳහා රුපියල් 4 0000000 ක මුදලක්ද ඉල්ලා මෙම පරිපුරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත.
මීට අමතරව ක්‍රිඩා නියෝජ්‍ය ඇමති එච්.එම් හාරිස් මහතාට වාහනයක් මිලදි ගැනිමට රුපියල් 3 82 00000 ක මුදලක්ද, පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතාට වාහනයක් මිලදි ගැනිමට සඳහා රුපියල් 4 30 00000 ක මුදලක්ද මෙම පරිපුරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.
තවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතාට වාහනයක් මිලදී ගැනිම සඳහා රුපියල්  4 20 00000 ක මුදලක්ද මෙමගින් ඉල්ලා ඇත.
වාහන මිලදි ගැනිමේ පරිපුරක ඇස්තමේන්තු මුදල තුල බදු මුදල්ද ඇතුළත් වන බව ද එහිද දක්වා තිබේ.

t

o

p