ටෙලි නිළියගේ ගෝලයන් මාධ්‍ය සේවකයන්ට පහර දෙයි

March 16, 2017

කිරිබත්ගොඩ අවන්හලකදි ටෙලිනාට්‍ය නිලි පියුමි හංසමාලි සමඟ පැමිණි කණ්ඩායමක් මාධ්‍ය ආයතන දෙකක පිරිසකට ඊයේ (15) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල කොට ඇත.

පහරදිමෙන් බරපතල තුවාල ලැබු ලක්බිම පුවත් පතේ සේවකයෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටියි. තවත් පිරිසක් තුවාල සඳහා බෙහෙත් දා ගැනිමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත.

ලක්බිම පුවත් පතේ සහ අලුතින් පටන් ගැනිමට යෝජිත බැදුම්කර පුවත් පත ලෙස හදුන්වන පුවත් පතේ සේවකයන් පිරිසකට මෙලෙස පහර දි තිබේ.

මෙම මාධ්‍ය සේවක පිරිස ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන විසින් සංවිධානය කරන ලද රාත්‍රී සාදයකට මෙම හෝටලයට පැමිණ ඇත. එම ස්ථානයට ජනප්‍රිය නිලියක වන පියුමි හංසමාලි සහ තරුණයින් පිරිසක් ද පැමිණ තිබේ.

මාධ්‍ය සේවකයින් මත් පැන් පානය කරමින් රාත්‍රි ආහාරය ගෙන ඇති අතර අනෙක් පිරිසද එලෙසම මත්පැන් පානය කරමින් සිට ඇත.

සාදය අවසානයේ ලංගම සභාපතිවරයා සහ කිහිප දෙනෙක් එම ස්ථානයෙන් පිටව ගියත් අනෙක් මාධ්‍ය සේවකයින් එම ස්ථානයේ සිට ඇත. එම අවස්ථාවේ මාධ්‍ය සේවකයන් අසලට පැමිණි පියුමි හංසමාලි සමඟ පැමිණි පිරිස මේ අයට පුටුවලින් සහ බෝතල්වලින් පහරදි ඇත්තේ මොනවාද බලන්නේ කියා අසමිනි.

කිරිබත්ගොඩ පොලිසිය අවන්හලේ සිසිටිවි කැමරා දර්ශන ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.

t

o

p