ශ්‍රී ලංකා ආයෝජන සමුළුව හෙට (16) හොංකොං හි දී

March 16, 2017

ශ්‍රී ලංකා ආර්ථික විශේෂඥයන් සහ ආසියානු ආයෝජකයන් හමුවන දෙවැනි, ශ්‍රී ලංකා ආයෝජන සමුළුව  හෙට (16 දා) හොංකොං හි දී ආරම්භ වේ. සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසිනි. මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආර්ථික විශේෂඥයන් රැසක් ඊට සහභාගීවීමට නියමිත ය.

මෙම අවස්‌ථාවට 200කට අධික ආයෝජකයෝ පිරිසක්‌ එක්‌ වෙති. ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරික ආයතනවල නියෝජිත පිරිසක්‌ද ඊට සහභාගි වීමට නියමිත ය.

සමුළුව හොංකොං හි රිට්ස් කාල්ටන් හෝටලයේ දී පැවැත්වේ. ආරම්භක සමුළුව පසුගිය වසරේ මාර්තු මාසයේ සිංගප්පූරුවේ දී පැවැත්විණි.

t

o

p