ආසියා පැසිෆික් කලාපීය සංවර්ධනය සඳහා වූ සාකච්ඡාවේ ප්‍රධාන දේශනය ලංකාවට

March 12, 2017

ආසියා පැසිෆික් කලාපීය සංවර්ධනය සඳහා වූ මූල්‍ය කටයුතු පිළිබඳ හතර වැනි ඉහළ පෙළ සාකච්ඡාවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා ලැබී තිබේ. එක්සත් ජාතීන්ගේ ආසියා හා පැසිෆික් කලාපීය ආර්ථික සහ සමාජ කොමිසමේ විධායක ලේකම් ෂම්ෂාඩ් අක්තාර් මහත්මිය මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට නිල වශයෙන් දැනුම් දෙන ලදී. මුදල් අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේ දී අක්තාර් මහත්මිය කියා සිටියේ මෙම දේශනය සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වීම අතිශය වැදගත් බවයි.

Ravi-miss-samsad-Akthar1මෙම ආරාධනයට අනුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඒ සඳහා සහභාගී වීමට නියමිත ය.  සමුළුව ලබන අප්‍රේල් මස 28 – 29 දෙදින තායිලන්තයේ බැංකොක් නුවර දී පැවැත්වේ. යහපාලනය, මූල්‍ය විනය ශක්තිමත් ව පවත්වා ගැනීම  ආදී කරුණු පදනම් කරගෙන මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ෂම්ෂාඩ් අක්තාර් මහත්මිය අතර පැවැති සාකච්ඡාවේ දී කලාපීය වශයෙන් හඳුනාගෙන ඇති සහ අවධානය යොමු කර ඇති ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කරන ලදී.  එහි දී කලාපීය සංවර්ධන මූල්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට හිමිව ඇති ඉහළ ස්ථානය අගය කෙරුණු අතර 2030 වසරේ සංවර්ධන න්‍යාය පත්‍රයේ කලාපීය වශයෙන් ශ්‍රී ලංකාවට ඇති ප්‍රමුඛස්ථානය සම්බන්ධයෙන් ද අදහස් පළ විය.

t

o

p