මුදල් ඇමති වෙනස් කිරිමට මලික් ගත් උත්සාහය ලප් තැනම ලොප් වේ

March 12, 2017

මුදල් ඇමතිධූරයෙන් රවි කරුණානායක මහතා ඉවත් කිරිමට මලික් සමරවික්‍රම මහතා ගත් උත්සාහය එම අස්ථාවේදිම ප්‍රතික්ෂේප වී ඇත්තේ ඇමතිවරු බොහෝමයක් ඔහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරිම නිසාවෙන් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අගමැතිවරයාගේ සමීපතමයෙකු ලෙස පෙනී සිටින මලික් සමරවික්‍රම මහතා තමාගේ විෂය පථයට අදාළ බව කියමින් බොහෝ අමාත්‍යාංශ තමන් යටතේ හැසිරුවද මුදල් අමාත්‍යාංශය එලෙස හැසරවිමට නොහැකි විම නිසා කළක සිට මුදල් ඇමතිධුරයෙන් රවි කරුණානායක මහතා ඉවත් කිරිමට සැලසුම් සකස් කරමින් සිටින බවට මේ වන විට හෙළි දරව් වී තිබේ.
මෙහි උච්චතම අවස්ථාව වී ඇත්තේ මුදල් අමාත්‍යධූරයෙන් රවි කරුණානායක මහතා ඉවත් කර මංගල සමරවිර මහතාට එය ලබා දීමට කළ උත්සාහයේදීය. තමාට මුදල් අමාත්‍යධූරය ලබා දෙන්න මලික් සමරවික්‍රම කටයුතු කරන බව දැනගත් විදේශ ඇමතිවරයා වහාම මලික් සමරවික්‍රම අමතා කියා ඇත්තේ තමාට මුදල් අමාත්‍යධූරය අවශ්‍ය නොවන බවත් අවශ්‍ය නම් එය ඔහුටම ගන්නා ලෙසත්ය.
ආර්ථික උපදේශකයන් වන පාස්කරලිංගම් වැනි අය සමඟ ගනුදෙනු කරන්නේ තමා නොව මලික් සමරවික්‍රම නිසා ඔහුටම එය ගන්නා ලෙසද මංගල සමරවිර ඇමතිවරයා ප්‍රකාශ කර ඇත. තමාට විදේශ අමාත්‍යධූරය අත් හැරිමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ද මංගල සමරවිර මහතා පෙන්වා දී තිබේ.
ඉන් පසු ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු හරහා මුදල් ඇමතිධූරය චම්පික රණවක මහතාට ලබා දිමට උත්සාහ කළත් එයද චම්පික රණවක ඇමතිවරයා ප්‍රතික්ෂේප කර ඇති අතර දැනට මුදල් ඇමතිධූරය පවත්වාගෙන යාමට හැකි එකම කෙනා රවි කරුණානායක බව පෙන්වා දි ඇත.
මේ නිසා මුදල් ඇමතිධූරය වෙනස් කිරිමට මලික් සමරවික්‍රම අමත්‍යවරයා ගත් උත්සාහය අසාර්ථක වී තිබේ.

t

o

p